වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමේදී දිරි දීමනාවක් ලෙස රජයෙන් ලබා දෙන රුපියල් 200ක දීමනාව හිමි වන්නේ විශාල වතු සමාගම් 25 සේවය කරන කම්කරුවන්ට පමණක් බව ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා සඳහන් කරයි.
මෙරට ප‍්‍රධාන වතු සමාගම් 25 සේවය කරන පිරිස 115000ක් පමණ වන බවද මෙරට කුඩා තේවතු විශාල ප්‍රමාණයක් පවතින බවත් ඒවා රටේ සමස්ත තේ නිෂ්පාදනයෙන් සියයට හැත්තෑ හතරක ප්‍රමාණයක් ආවරණය කරන බවත් ඔහු පෙන්වා දෙයි.
නමුත් එම කම්කරුවන්ට අයවැයෙන් යෝජනා වී ඇති දීමනාව නොලැබෙන බව ද හෙතෙම කියා සිටී.
රජය මේ සඳහා රුපියල් මිලියන පන්දහසක මුදලක් වෙන් කිරීමට අයවැය යෝජනා කර ඇති බවද පැවසූ ඔහු නමුත් මහා පරිමාණ වතු සමාගම්වලින් රජයට බදු ආදායම් වශයෙන් ඊට සමාන හෝ එම අගය ඉක්මවා යන මුදලක් නොලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
මෙම දීමනාව අඛණ්ඩව ලබා දෙන්නේ නම් අයවැයට බරක් වෙන බවත් ඉන් ප්‍රතිලාභ වතු සමාගම් ලබන බවද පැවසූ ඔහු ඒ සඳහා ජනතා බදු මුදල් යෙදවීම යුක්ති සහගතයි ප්‍රශ්නයක් ඇතැයිද පැවසීය.

ඒ කියන්නේ රටේ බදු ගෙවන ජනතාව ඒ බරත් දරන්න ඕන කියල නේද? විපක්ෂ විරෝධය නිවැරදි නේද?
ReplyDelete