වී අලෙවි මණ්ඩලයේ වී තොගය ප්‍රමාණවත් වන්නේ දින පහකටයි..

 


වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී තොගය ප්‍රමාණව වන්නේ මෙරට දින පහක සහල් අවශ්‍යතාව සපුරාලීමට පමණක් බවබලධාරීහු කියති.

මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 49,640 වී තොගයක් මිලදීගෙන ඇත.

යල කන්නයට පෙර කන්නවලදී මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 56ක් ද මණ්ඩලය සතුව තිබෙන බවද පසුගිය කන්නවලදී කීරි සම්බා වී මෙට්‍රික් ටොන් 12ක තොගයක් ලැබී ඇතැයි ද එම මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද පැවැසීය.

මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 24 කි.

එනම් මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. ඒ අනුව මෙරට දිනක සහල් අවශ්‍යතාව සහල් මෙට්‍රික් ටොන් හයදහස් පන්සියයකි. එම සහල් ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට වී මෙට්‍රික් ටොන් දසදහසක් (10,000) අවශ්‍ය වේ.

රටේ මාසික සහල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් අවශ්‍ය වනු ඇත.

Previous Post Next Post