අගමැති හරිනි දරු සුරතල් බලයි..

 


අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF ආයතනය එක්ව 'දිට්වා' සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් පිළිබඳ සිදු කළ විමර්ශනයකින් අනතුරුව, කඩිනමින් යථා තත්ත්වයට පත් කළ හැකි පාසල් ප්‍රතිසංස්කරණය කිරීමටත්, අවදානම් සහිත පාසල් වෙනත් ආරක්ෂිත ස්ථානවල ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

​'දිට්වා' සුළි කුණාටුවෙන් හානි සිදු වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ජාතික පාසල දෙසැම්බර් 24 වන දින නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

​පැවති තද සුළඟ හේතුවෙන් ගසක් කඩා වැටී මුළුමනින්ම හානි වූ, කැටවත්ත යෝධ උල්පත ප්‍රජා ශාලාවේ පවත්වාගෙන ගිය පෙරපාසල නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමිය, ආරක්ෂිත ස්ථානයක යළි එම පෙරපාසල ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

පෙරපාසල් ගුරුවරුන් සඳහා ලබා දෙන දීමනාව නිසි පරිදි ලබා දීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ආපදාවෙන් පසු පවත්වාගෙන යාමට නොහැකි වන සේ හානි වූ පෙරපාසල් පිළිබඳ සොයා බලා, එම ගුරුවරුන් හට දීමනාව අඛණ්ඩව ලබා දීමට අවශ්‍ය කටයුතු සැලසිය යුතු බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

​අනතුරුව නායයෑම් හේතුවෙන් දැඩි හානි සිදු වූ පස්සර යූරි දෙමළ ප්‍රාථමික විද්‍යාලය ද අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක් විය.

​මෙම අවස්ථාවට පූජ්‍ය දියතලාවේ ධීරානන්ද ස්වාමීන්වහන්සේ, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ, මීගහකිවුල ජාතික පාසලේ විදුහල්පති එච්.ඩබ්.කේ.ඒ. පද්මකුමාර, පස්සර යූරි දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි කේ. ඉන්දුමතී යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන් සහ දෙමාපියන් පිරිසක් සහභාගී වූහ.

9 Comments

  1. ඔයා කොහොම කළත් ආච්චිලගේ කුක්කු මිරිකලා, සීයලගෙ ඇටේට තට්ටුවක් දාලා, පොඩි එකෙක් දෙන්නෙක් උඩ දාලා, පපුවට හයියෙන්ගහගෙන පළමුවත් මගේ රට, දෙවනුවත් මගේ රට, තුන්වෙනුවත් මගේ රට අපේ හාමුදුරුවනේ, කියලා බෙරිහන් දෙනකොට තරම් බයියොන්ගේ කොන තෙමෙන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඕක කෑගහන්න එහෙම නෙමෙයි ඕකා කෑගහන්නෙ අපි... රුහුණේ... මී කිරි... හාමුදුරුවනේ.. කියලා

      Delete
    2. මී හරකෙක් තප්පුලන කැත

      Delete
    3. ඔය ඉන්නේ dobil ඩොබීලා හරිණි ගෙ LGBTQ වැඩ පිළිවෙල යට ගහන්න මුන් දීවා රැ නැතිව වැඩ.හරි නි මේ රටේ දරුවන්ට මහා විනාසයක් වෙන අධ්‍යාපන වෙනස්කම් ගෙන්න හදනවා මුන්ට මොළේ නෑ ඒවා තේරුම් ගන්න

      Delete
    4. ඇත්ත තමුන්ගෙම කියලා, දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් , එහෙමත් නැත්නම් අම්මා කෙනෙක් දරුවෙක් වඩාගන්න විදිහ ගොඩක් වෙනස්. ඒක බලෙන් ආරෑඪ කරගන්න බැහැ.

      Delete
    5. 159 ටම ගෑනු නෑ. මිනිස්සු නෑ. ලමයි නෑ. ඉතිං කුලී ඩෝබිල මෙතන වැලලෙන්න හදන එක අරුමයක්යැ.

      Delete
  2. බයියෝ ගෙදර ගිහිල්ලා ලංකට් එක ගලවන්නේ වතුර ගහලා.

    කොන තෙමිලා, ඇලිලා.

    ReplyDelete
    Replies
    1. හිල් ජංගි ගොං නාම්බෙක්

      Delete
    2. LGBT පිම්පියෙක් ඌ ජංගිය ගලවන විදිහ ලියලා.

      Delete
Previous Post Next Post