‘සිංහල ඉතිහාසය’ හා ‘දෙමළ ඉතිහාසය’ වෙනුවට ‘ශ්‍රී ලංකික ඉතිහාසය’ උගන්වනවා..

 


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ඉතිහාසය සහ චිත්‍රකලා විෂය නිර්දේශ සකස් කිරීමේදී වාර්ගික බෙදීම්වලින් තොරව සමස්ත ශ්‍රී ලාංකික දැක්මකින් යුතුව කටයුතු කර ඇති බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළාය. 

විෂය නිර්දේශ සැකසීමේදී දෙමළ විද්වත් නියෝජනයන් සහභාගී කරවාගෙන ඇති බවද ඇය අවධාරණය කළාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හයවෙනි වසර සඳහා ඉතිහාසය පිළිබඳ නව නිර්දේශය දැනට සකස් කරමින් පවතින බව අගමැතිනිය සඳහන් කළාය.

පාසල් සිසුන් වෙත ඉගැන්වීමේදී ඉතිහාසය 'සිංහල ඉතිහාසය' සහ 'දෙමළ ඉතිහාසය' ලෙස බෙදා වෙන් නොකර, 'ශ්‍රී ලංකික ඉතිහාසය' ලෙස උගන්වන බව ඇය පැවසුවාය.

එලෙස ඉගෙනුම් ක්‍රියාවලියේදී විවිධ කාල පරිච්ඡේදවල රජවරුන් සහ ඒ රාජ්‍යයන් පිළිබඳ දරුවන්ට උගන්වනු ලබයි.

දැනට ක්‍රියාත්මක වන ඉතිහාසය විෂය නිර්දේශය තුළද දෙමළ ජාතික රජවරුන් පිළිබඳ අන්තර්ගත වන බව ඇය පෙන්වා දුන්නාය. 10 වැනි ශ්‍රේණියේ 7 වැනි පාඩමේ යාපනය සහ වන්‍යවරු පිළිබඳ පරිච්ඡේදයක් වෙන්ව ඇති අතර, 10 වැනි පාඩමේ යාපනය රාජධානිය පිළිබඳ පරිච්ඡේදයක් වෙන් වී ඇති අතර එහි සංකිලි රාජ්‍ය සමය පිළිබඳ අන්තර්ගත වී ඇත.

නව හයවෙනි ශ්‍රේණියේ නිර්දේශයට සංකිලි රජුගේ රජමාලිගයේ පින්තූරයක්ද අන්තර්ගත කර ඇත.

චිත්‍රකලා විෂය ප්‍රායෝගික කලා නිර්මාණ ක්‍රියාකාරකම් සහ විශිෂ්ට කලාකෘති අධ්‍යයනය කිරීමෙන් සමන්විත විෂයකි.

විෂය සකස් කිරීමේදී සර්වජාතික, සර්ව ආගමික, සර්ව භෞමික කලාකෘති ඇතුළත් ජාත්‍යන්තර ප්‍රමිති හා කුසලතා සලකා බලා තිබේ.

කලාකෘති අධ්‍යයනය සඳහා යොමු කිරීමේදී සම්ප්‍රදායික හා නූතන කලා නිර්මාණ අධ්‍යයනයට අවස්ථා සලසා ඇත.

සම්ප්‍රදායික කලා නිර්මාණ ලෙස ඉන්දියාවේ ඉඳුනීම් සිට ගුප්ත, පල්ලව, චෝල, මොගල් සහ රාජපුත් ලෙස හඳුනාගන්නා විවිධ වකවානුවලට අයත් කලා නිර්මාණත්, ඒවා ලාංකීය නිර්මාණ සඳහා ආභාසය වූ ආකාරයත් නව චිත්‍රකලා ප්‍රතිසංස්කරණ තුළ අන්තර්ගත කර ඇත. දකුණු ඉන්දියානු කලා ආභාසය සමඟ පොළොන්නරුව ශිව දේවාලය, හින්දු මූර්ති නිර්මාණ හා ඒවායේ ආභාසයෙන් බෞද්ධ නිර්මාණවල සිදුවූ වෙනස්කම් සහිත කලා ආකෘතිද අන්තර්ගතය සඳහා ඇතුළත් කර තිබේ.

නූතන කලා නිර්මාණ අධ්‍යයනයේදී ටී. මුත්තයියාතුරෙයිසාමි පෙරියතම්බි සුභ්‍රමාණියම්, කේ. කනකසභාපති, ඒ. මාක්, සිවනානසුන්දරම්, රමණී වැනි දෙමළ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණද ඇතුළත් කර ඇත.

මෙම සියලුම නිර්මාණ හඳුන්වාදීමේදී සිංහල, දෙමළ, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ලෙස වාර්ගික හඳුන්වාදීමකින් තොරව 'ශ්‍රී ලාංකික කලා නිර්මාණ හා කලා ශිල්පීන්' ලෙස සමස්ත දැක්මකින් යුතුව විෂය නිර්දේශය සඳහා ඇතුළත් කර තිබේ.

2015 වසරේ සිට හඳුන්වා දෙන ලද චිත්‍රකලා විෂය නිර්දේශ සැකසීම සඳහා චිත්‍රකලාව සම්බන්ධ දෙමළ විද්වත් නියෝජනයන් හා අනුමැතියක් සහිතව සම්පත්දායකයින් ලබාගෙන ඇත. වර්තමානයේදී පවතින සමාලෝචන මණ්ඩල සඳහාද චිත්‍රකලා විෂයට අයත් දෙමළ මාධ්‍ය විද්වත් නියෝජනයක් සහිතව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් පවතින බව ඇය පැහැදිලි කළාය

7 Comments

  1. What about the gay and lesbian people who lived in the past? Aren’t they also part of the history as well? Next thing you want to do is to include them in the history as well, haa ..haa..

    ReplyDelete
  2. අපි ඉගෙනගත්තෙ ලංකා ඉතිහාසය. සිංහල ඉතිහාසය, දෙමළ ඉතිහාසය, ලංසි ඉතිහාසය කියලා වෙන වෙනම ඉගැන්නුවෙ නෑ. මැඩම් ගිය ඉස්කෝලෙ එහෙමද ඉගැන්නුවෙ?

    ReplyDelete
  3. This woman is crazy. She aways talks about how to ruine our culture and history. How much get you from US?

    ReplyDelete
  4. මොන පිස්සුවක්ද මේ? ආතක්පාතක් නැති සිංහල හරියට කතාකරන්න බැරි එවුන්ට අධ්‍යාපනය බාර දීලා සිංහලයාගේ ඉතිහාසය සූක්ශම ලෙස විනාශකරනවා. දෙමල ඉතිහාසක් කියා දෙයක් නැත. දෙමල ඉතිහාසයක් තියෙන්නේ ඉන්දියාවේ පමනයි.

    ReplyDelete
  5. උඹ මොන නම් දැම්මත් ලංකාවේ ඉතිහාසය සිංහල උඹට ඒක බොරු කරන්න බෑ .NGO උඹලට සිංහල ඉතිහාසය මකන්න ටිකක් අමාරුවෙ යි . මෝඩ සිංහල යන්ට කිව්වා මුන් NGO හැත්ත මුන්ට ඡන්දෙ දෙන්න එපා කියලා.ඇහුවේ නෑ.මුන්ට ඕන මේ රටෙ සිංහල ශිෂ්ඨාචාරය මකන්න.

    ReplyDelete
  6. අපි නම් ඉගෙන ගත්තෙ ඉතිහාසය. මුං හැම එකටම සිංහල දෙමල දාල නැති ජාතිවාදයක් මවන්න හදන්නෙ.

    ReplyDelete
  7. අපිට තියෙන්නෙ ලංකා ඉතිහාසය. දන්නෙ නැත්නම් ආයේ ඉගනගන්න. ඔහේට ඕන විදියට පාඩම් වෙනස් කරන්න බැහැ. මොනවා කියනවාද දන්නෙ නැහැ. මුන් NGO supporters.

    ReplyDelete
Previous Post Next Post