කාලගුණ ආපදාව ගැන නිශ්චිත පුරෝකතරයක් පැමිණි අවස්ථාවේ සිටම ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු මැදිහත් වීමක් රජය විසින් කරන ලද බව නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මහතා සඳහන් කරයි.
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.
කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් නිතර ගංවතුරෙන් ආපදාවට ලක් වූ ප්‍රදේශ සඳහා අපි ආපදා කමිටු නිර්මාණය කොට තිබුණා. ඒ නිසා මේ ව්‍යසනය පිළිබඳව දැනුවත් වූ සැණින්, අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ ආපදා කමිටු රැස් කළා. දැනුවත් කළා. 2016ට වඩා වැඩි ගංවතුරක් නිසා සැලසුම් කළා. මිනිස්සු රැස් කළා. ඒ සඳහා මැදිහත් වුනා.
මේක ආපදාවක් නිසා පීඩාවට පත්වන යම් ජනතාවක් සිටිනවා. අපි එය තමයි කළමනා කරණය කරමින් සිටින්නේ. මේක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නොව, ස්වභාවික විපතක්. මේ ස්වභාවික විපත ඇතුළෙ අපට දැන් තිබෙන්නෙ නැගිටීම තමයි. ඒ නැගිටීම ඇතුළෙ යම් විනාශකාරී සිහින දකින පිරිසකට තමන්ගේ සිහින වල ඉන්න පුළුවන්.
අපි හිතන විදියට සුනාමි ආපු වෙලාවෙන් අපිට රටක් විදියට නැගිටින්න තිබුණා. එහෙත් එවක පාලකයන් එය විනාශ කළා. අපි එය මග අරින්න සුදානම් නැහැ. අපි හිතන විදියට අපිට රටක් ලෙස නැගිටිය හැකියි. අපිට ඒ හැකියාව තිබෙනවා. පුද්ගලිකව හෝ ආණ්ඩුවේ හැකියාවක් නොව සමස්ත ජනතාවගේ හැකියාවක්. අපි ජනතාවගේ හැකියාවන් විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් විධිමත් වැඩ පිළිවෙළක් සකස් කරමින් යනවා. අයවැය මගින් සහන ප්‍රමාණයක් දෙන්නත්, ඒ වගේම ආපදා වෙන් පීඩාවට පත් ජනතාව ගොඩ නැංවීමේ වැඩ පිළිවෙළකට යන්නත්, කටයුතු කරමින් සිටිනවා.
අපි ෆේල් ද පාස් ද කියන කාරණය බලන්න පුළුවන් වෙන්නේ දැන් නොව, තව මාස කීපයකිනුයි. තව මාස කීපයකින් බලාගත හැකියි මිනිස්සුත් එක්ක එකතු වෙලා අපි කොහොමද රට ගොඩ නගන්නේ කියන එක''

කලින් කිව්වේ පුරෝකථන ලැබුනේ නෑ කියලා. දැන් ඒ කතාව කක්කි වෙනකොට වෙන කතවක් කියනවා. උඹලා හොඳයි බං වාද බයිලා වලට.
ReplyDeleteThis a PURE IDIOT He does not know what hes talking about .He doesn't have the necessary education to do whatever he says .
ReplyDelete