2025.12.20 වන දින උදෑසන කාලයේ යාපනය පොලිස් වසමේ යාපනය වඩුක්කෝට්ටේ මාර්ගයේ පොම්මාවලි ප්‍රදේශයේදී වඩුක්කෝට්ටේ දෙස සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකාරියට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පැදිකාරිය හා පසුපැදිකාරිය බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කිරීමේදී පසුපැදිකාරිය මියගොස් ඇත.
මරණකාරිය වයස අවුරුදු 63 ක් වූ වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන්ට භාර දී ඇත. අනතුරට සම්බන්ධ ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
2025.12.20 වන දින උදෑසන කාලයේ දිඹුලපතන පොලිස් වසමේ හැටන් නුවරඑළිය මාර්ගයේ පතන හන්දිය ආසන්නයේදී හැටන් දෙස සිට නුවරඑලිය දෙසට ධාවනය වූ ලොරි රථයක් රියදුරුට රථය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක ගැටී ඇදී ගොස් පදිකයින් දෙදෙනෙකුගේද ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයින් දෙදෙනා කොටගල රෝහලට ඇතුලත් කිරීමේදී එක් පදිකයෙකු මියගොස් ඇති අතර අනෙක් පදිකයා වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරුවන් අවුරුදු 21 හා 60 යන වයස්වල පසුවූ ලිදුල හා පතන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
මෘත ශරීර කොටගල හා දික්ඔය රෝහල්වල මෘත ශරීරාගාරවල තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ හා බස් රථයේ රියදුරන් දෙදෙනො අත්අඩංගුවට ගෙන ඇත. දිඹුලපතන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
2025.12.20 වන දින රාත්‍රී කාලයේ තිස්සමහාරාම පොලිස් වසමේ තිස්සමහාරාම දෙබරවැව මාර්ගයේ මැදවැලන ප්‍රදේශයේදී දෙබරවැව දෙස සිට තිස්සමහාරාම දෙසට ධාවනය වූ බස් රථයක් මාර්ගය හරහා ගමන්ගත් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පදික පුද්ගලයා බරපතල තුවාල ලබා දෙබරවැව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 71 ක් වූ තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය දෙබරවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තිස්සමහාරාම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
