ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් නිවාස යථා තත්ත්වයට පත් කරගැනීම වෙනුවෙන් රජය විසින් ලබා දුන් රුපියල් 25,000ක ආධාරයෙන් මත්පැන් සාදයක් පැවැත්වූ පුවතක් වාර්තා වෙයි.
ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය මත මෙම පුද්ගලයා ද එම ආධාර මුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගෙන ඇති අතර නිවසේ පවිත්‍රතා කටයුතු සඳහා වෙන් කළ යුතු වූ මෙම මුදල, ඔහු එදිනම සිය මිතුරන් පිරිසක් සමඟ එක්ව මත්පැන් පානය කිරීම සඳහා වැය කර තිබේ.
රජයෙන් හිමි වූ එම සහනාධාර මුදලින් නිවසේ පැවැත්වූ මත්පැන් සාදය අතරතුර අධික ලෙස බීමත්ව සිටි මොහු, පාලනය කරගත නොහැකිව ඇද වැටීමෙන් තුවාල ලබා ඇත.
අනතුරින් තුවාල ලැබූ මෙම පුද්ගලයා ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් වහාම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. රෝහලෙන් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව ඔහු නැවත සිය නිවස බලා පැමිණ ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
