පොලිස් නිලධාරියෙකුට තමන් විසින් පහර දුන් බවට එළවන චෝදනාව පසුපස සමගි ජන බලවේගයේ සෘජු මැදිහත්වීමක් තිබෙන බව තහවුරු වී ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා සඳහන් කරයි.
මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ අදාළ පොලිස් නිලධාරියාට පහරදීමක් සිදුවූ බවට ඔහු පවසන්නේ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවයි.
පොලිස් නිලධාරියා තම වාහනය පසුපස ලුහු බැද මඟ හරස් කරන නවතා තමන්ට පහරදීමට උත්සාහ කළ බවද මන්ත්‍රීවරයා කියා සිටී.
ඒ අවස්ථාවේ පොලිස් නිලධාරියා දැඩිව බීමතින් සිටි බවත් එය සඟවාලීම සඳහා ඔහු කසිප්පු පැකට්ටුවක කතාවක් පවසන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. එමෙන්ම ගැටුමක් සිදුවූයේ නම් තමන් පොලිස් නිලධාරියා වහාම පළමුකොටම දැනුවත් කළ යුත්තේ පොලිසිය බවත් කී මන්ත්‍රීවරයා නමුත් ඒ වෙනුවට ඔහු කර ඇත්තේ සමගි ජන බලවේගයේ කොළොන්න ආසනයේ මන්ත්‍රීවරයා දැනුවත් කිරීම බවත් සඳහන් කළේය.
ඒ අනුව එම නිලධාරියා රෝහල්ගත කර ඇත්තේද එම මන්ත්‍රීවරයා බවත් රත්නපුරයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු තව දුරටත් සදහන් කලේය.

සුපුරුදු හේදිල්ල සහ මඩ ගැසීම
ReplyDelete