වමනය, ඕක්කාරය, ශල්‍යකර්ම හා නිර්වින්දන ක්‍රියාවලිය තුළ ඇතිවන අතුරු ආබාධ ආදිය වැළැක්වීම සඳහා කුඩා දරුවන් ගර්භනී මවරුන් හා ශල්‍යකර්ම වලට භාජනය වන රෝගීන් සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක් වන Ondesterone Injection කාණ්ඩ හතරක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලික ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත.
12/12/2025 දිනැතිව ඖෂධ නියාමන අධිකාරිය විධායක අධ්‍යක්ෂකවරයාගේ අත්සනින් නිකුත් කර ඇති NMRA/PA/I/ADR /04/2025 දරන එම ලිපියට අනුව අදාළ ඖෂධය භාවිතා කිරීම නිසා මතුවූ සංකූලතා හා අහිතකර ප්‍රතික්‍රියා මත මෙම ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව සඳහන් වෙයි.
අදාල දිනේ සිට දින 28ක් ඇතුළත මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීම සඳහා හේතු වූ කරුණු සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙසට අදාල සමාගම වෙතට උපදෙස් නිකුත් කොට ඇත.
වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව මෙම ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය අනුමත සහතිකය ලත් ඖෂධ ශ්‍රී ලංකාව තුළ තවදුරටත් පරීක්ෂා කිරීමකින් තොරව මෙයට රෝහල් පද්ධතිය තුළ භාවිතා කිරීමට අවශ්‍ය නියාමන රෙගුලාසි සකස් කිරීම සිදුකළ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.
පසුගිය කාල සීමා මුළු ලේ දිගින් දිගටම ඉන්දියාවෙන් ගෙන්වන ලද ඖෂධ තත්ත්වයෙන් බාල වීම් මත භාවිතාවේ ඉවත් කළ අතර මෙරට ඖෂධ නියාමන අධිකාරිය ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරී Indian pharmacopeia හෙවත් IP ප්‍රමිතිය යටතේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ප්‍රබල සමාජ විරෝධයක් ද ඉස්මතු විය.
මේ සම්බන්ධ වන විරෝධතාවයන් නොසැලකෙමින් ඖෂධ නියාමනාධිකාරිය කටයුතු කළ නිසා ඉන්දියානු ඖෂධ තත්ත්වයෙන් බාල වීම මත අහිමිවන ආර්ථික කලාපයට සෞඛ්‍ය අමාත්‍යාංශය සෘජුව වගකිවයුතු බවද ඔහු පෙන්වා දෙයි.


කෙහෙළියගේ බාල බෙහෙත් ගැන මර ලතෝනි දීල බලේට ඇවිල්ල මුන් ඒකම කරන්නේ රෙදි ඇඳගෙනද? නැත්නම් මුන්ව රවට්ටනවද? නැත්නම් මිනිස්සුන්ව මෙහෙම රවට්ටන්න පුළුවන් කියල හිතාගෙන ඉන්නවද? නැත්නම් මෙලෝ හසරක් දන්නේ නැද්ද? මෙහෙම යන විදියට අර පචකුමාර කය්යනයක ගේ අයර්ලන්තේ ගෙදර කතාවත් ඇත්ත වෙයි වගේ.
ReplyDeleteAthsan karapu agreement wala prathipalada?
DeleteThis is due to acceptance of Indian Pharmacopeia by this regime
Delete