හිරු පොලිසියෙන් ගේම ඉල්ලයි.. හැරෙන තැපෑලෙන් තද පිලතුරක්...


ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුවූ ගංජා වැටලීම සහ පොලිස් නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම වාර්තා කිරීමට අදාලව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය, හිරු ප්‍රවෘත්ති අංශය ලිඛිතව සිය විරෝධය පළ කර ඇත. 

ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුවූ ගංජා වැටලීම සහ පොලිස් නිලධාරියෙකුට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද වාර්තාකරණය ගැන පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයට, හිරු ප්‍රවෘත්ති අංශය ලිඛිතව සිය විරෝධය පළ කර ඇත. 

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට මෙමගින් බරපතළ බාධා එල්ල වන බව එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

හිරු ටීවී නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තරංග ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව යොමු කළ මෙම පිළිතුරු ලිපියේ 

අදාළ අපරාධයට අදාළව පොලිසිය විසින්ම පටිගත කරන ලද ඉතා වැදගත් සාක්ෂියක්, මාධ්‍ය මගින් අනාවරණය කරන තෙක්ම රටට හෙළි නොකිරීම පිළිබඳව ප්‍රශ්න කර සිටියි. 

එවැනි ප්‍රබල සාක්ෂියක් අධිකරණයට හෝ මහජනතාවට ඉදිරිපත් නොකර වසන් කිරීමට පොලිසිය ගත් තීරණය පිටුපස ඇති පදනම අපැහැදිලි බව එම ලිපියේ සඳහන් වේ.

සූරියකන්ද පොලිසියේ කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි මහතාට එල්ල වූ ප්‍රහාරය සහ ගංජා වැටලීම අතර ඍජු සබඳතාවක් පවතින බවට වින්දිත නිලධාරියා කළ ප්‍රකාශ මගින් තහවුරු වන බව හිරු ටීවී පවසයි. පොලිස් විමර්ශනවලදී එවැනි සම්බන්ධයක් හෙළි වී නැතැයි යන පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ස්ථාවරය හිරු නාලිකාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

මෙම සිදුවීම් දෙක අතර පවතින සබඳතාව ඔප්පු කිරීමට අවශ්‍ය තරම් මූලාශ්‍ර සහ සාක්ෂි තමන් සතුව පවතින බව අවධාරණය කරන හිරු ටීවී ආයතනය, තමන් මෙම තොරතුරු රටට අනාවරණය කළේ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීමේ අරමුණින් බව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

8 Comments

  1. උඹලට වෙන්නෙත් මේක ම තමය්

    ReplyDelete
  2. මණ්ඩලේ කචල්

    ReplyDelete
  3. හිරු එදා ඉඳන්ම මේ ත්‍රස්ථවාදී, මිනීමරු, විකුර්ති ආශාවන් තියෙන, ආගමක් ධර්මයක් නැති, කාලකන්නි මෝඩ මිනිස්සු සෙට් එකකින් හැදිච්ච මාලිමාව කියන වෙස් මූණ දාගත්තු ජවිපෙ පාහරයන්ගේ පහත් ගති ටික මිනිස්සුන්ට පෙන්නුවා. රංවලයා බීලා ගිහින් මිනිස්සු හප්පපුවා, මාලිමා ප්‍රින්සිපල් ලා ගංජා වවපුවා, සේරම පෙන්නුවා. ඒ නිසා තමයි දැන් මාලිමාවට කඩේ ගියපු පොඩ්ඩක් හරි උගත්කමක් තියෙන උන් මාලිමාවට දොර වහනවා. සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධියේ විවේචනය කරනවා. හිනාවෙන රියැක්ට් දානවා. ඒකයි ඔය හිරු තහනම් කරන්න හදන්නේ. ඒක කරත් අර ගොං වැඩ නතර කර නොගත්තොත්, මාලිමාව ගුටි කාලා නැවතුනොත් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. කුඩු පොඩ්ඩක් දෙන්නද? කෝ ඕක ගලෝල ඉක්මනට දෙන්න...
      මීට සනත් ජයසූරිය

      Delete
  4. බලන් ගියාම මුන් රාජපක්ශලාටත් එහා නේ.December 25, 2025 at 6:32 AM

    මේ රටේ බිහිවෙච්ච දූශිතම පොලිස්පති සහ විලි ලැජ්ජාවක් ඇත්තේම නැති පොලිස් ප්‍රකාශක දෙන්නා. මාලිමාවේ උපාධිධාරීන් කියලා ආපු හොර උපාධි සෙට් එක මෙච්චර පහත් විදියට හැසිරෙයි කියලා නම් අපි හිතුවෙම නෑ.

    ReplyDelete
  5. ආයේ නම් ඉතින් ජීවිතේට මාලිමාවට නම් ඡන්දෙ දෙන්නෙ නෑ. අපි මුන්ට ඡන්දෙ දුන්නේ මේ වගේ පහත් වැඩ කරන්න නෙමේ. රටේ ආර්ථිකය, සමාජ සාධාරණත්වය, යුක්තිය ඉශ්ඨ කරන්න. හිරු තරමක පක්ශපාතී වුනත්, බොරු කියන්නේ නැහැ. ඒ නිසා හිරු තහනම් කරොත්, ආන්ඩුවට ඉතාම ඉක්මනින් සමාජ මාධ්‍යත් තහනම් කරන්න වෙනවා. අන්න එදාට තමයි ආණ්ඩුව ගෙදර යන්නෙ.

    ReplyDelete
    Replies
    1. මොනවා උනත් ගැලපෙන ම නම දාල තියෙන්නෙ මහේෂ් කියලා. මී හරකට මී හරක නොකිය වෙන මොනා කියන්නද නේ. උඹේ චන්දෙ නං නැති උනාට කමක් නෑ ගොයියෝ. ඉස්සර වාගේ ඉතාලියේ අපිට දැන් රටට එන්නෙම නැතුව අපේ චන්දෙ දාන්න පුළුවන් මාලිමාව ට. ඒත් හැම චන්දෙකදිම අපි එනව ෆ්ලයිට් බුක් කරන්

      Delete
  6. Apinam denagena hitiye ... kauruwath ahuwe ne .... due to pure jealousy ....

    ReplyDelete
Previous Post Next Post