තමන් ඇතුළු නිලධාරීන් පිරිසක් ග්‍රීක බැඳුම්කර ආයෝජනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් මහා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
වසර ගණනාවක් තිස්සේ මෙම චෝදනා එල්ල වීම හේතුවෙන් මානසික පීඩනයක් ගෙන දීමට උත්සාහ කළද, තමාට එසේ නොවූ බවත්, තමා විශ්වාසය තබා සිටි අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබීම ගැන සතුටු වන බවත් කබ්රාල් මහතා පැවසීය.
මෙම නඩුව පවරා තිබුණේ 2011 දී ග්‍රීක බැඳුම්කර ආයෝජනය හරහා ශ්‍රී ලංකා මහා බැංකුවට සහ රජයට දැවැන්ත පාඩුවක් සිදු වූ බවට චෝදනා කරමින්ය. කෙසේ වෙතත්, මෙම නඩුව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේදී ද පවරා තිබූ අතර, එහිදී ද තමන් සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කරනු ලැබූ බව ඒ මහතා සඳහන් කළේය.
අල්ලස් කොමිසම විසින් පවරන ලද මෙම නඩුව සම්බන්ධයෙන්, කබ්රාල් මහතාගේ නීතිඥවරු විසින් කරුණු සලකා බලා, නඩුව ගෙන යෑමට නොහැකි බැවින් එය ඉල්ලා අස් කරගන්නා ලෙස අල්ලස් කොමිසමට යෝජනා කරන ලදී. ඒ අනුව, අල්ලස් කොමිසම විසින් අද දින උසාවියට ඒ බව දැනුම් දීමෙන් පසුව, මහාධිකරණය ඔවුන්ව නිදොස් කොට නිදහස් කරන ලදී.
ආයෝජනය පිළිබඳව අදහස් දක්වමින් කබ්රාල් මහතා සඳහන් කළේ, එම ආයෝජනය සිදු වූයේ 2011 මාර්තු සහ අප්‍රේල් කාලයේදී බවත්, එම කාලවල් වලදී ග්‍රීසියේ කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවත්, එම රටේ ශ්‍රේණිගත කිරීම BB මට්ටමේ පැවති බවත්ය. ඒ අවස්ථාවේදී යම් අවදානමක් තිබුණද, එවැනි අවදානම් ඔස්සේ රාජකාරි කිරීමට සිදු වන බව ඔහු පැහැදිලි කළේය.
මෙම ආයෝජනයෙන් එක් අවස්ථාවකදී පාඩුවක් සිදු වුවද, 2011 වර්ෂය ශ්‍රී ලංකා මහ බැංකුව සිය ඉතිහාසයේ වැඩියෙන්ම ලාභයක් (ඩොලර් මිලියන 430ක්) ලබාගත් වසර බවත් කබ්රාල් මහතා පෙන්වා දුන්නේය.
මුලින්ම මෙම චෝදනා මුළු මුදල් මණ්ඩලයටම එල්ල වූ අතර, එහි අධිපති ලෙස කබ්රාල් මහතාටද චෝදනා එල්ල විය. කෙසේ වෙතත්, පසුව නිලධාරීන් හතර දෙනෙකුට විරුද්ධව නඩුව කියවුණු අතර, එම හතර දෙනාම නිදොස් කොට නිදහස් කිරීම ගැන තමා සතුටු වන බව ඔහු ප්‍රකාශ කළේය.
තවද, මෙම තීන්දුව හරහා, විවිධ චෝදනා නැතුව ආයෝජනය කරන්නට ධෛර්යයක් ලැබෙනු ඇති බවත්, මහා බැංකුවේ ආයෝජන කළමනාකරණයේ නිරත සියලු දෙනාටම ශක්තියක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් කබ්රාල් මහතා කියා සිටියේය.
ඔහු තවදුරටත් අවධාරණය කළේ, සියලු බොරු චෝදනාවලින් නිදහස් වන බව තමා දැන සිටි බවත්, රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක වීම ගැන සියලු දෙනා සතුටු විය යුතු බවත්ය

නිදහස් වුනාට රජයට කල අලාභය කොටි 184 ගෙව්වොත් තමයි ලොක්කා නිදහස්. නැතනම් ආයේ නඩු..
ReplyDeleteමේක ඔප්පු කරන්න අල්ලස් කොමිසමට බැ. පුලුවන් නම් අය කරගෙන නේ චුදිත යවන්නේ . චුදිත ගේ නීතිඥයන් දැනටමත් විරුද්ද වෙලා ගෙවන්න එකඟ නැ . අන්තිමට චුදිතට අල්ලස් කොමිසමට ගෙවන්න වෙනවා නඩුව ඔප්පු නොකරොත් වන්දි . අල්ලස් කොමිසම එකෙන් ගැලවෙන්න දඟලනවා වාගේ
Deleteවිසි වෙන නඩු.
ReplyDeleteඇයි බං එහෙනම් රජයට කරපු අලාභය ගෙවන්න කියල දාපු කොන්දේසියට එකඟ වුණේ. "මං ගෙවන්නෙ නෑ... තොට පුලුවන් දෙයක් කරපං" කියල පොර වගේ ඉන්නනෙ තිබ්බෙ.
ReplyDeleteehema kathawak news wala nane
Deleteමෙම වරදට අදාළව සිදු වූ අලාභය ලෙස ගණනය කර ඇති රු.1,843,267,595.65 (රුපියල් එකසිය අසූ හතර කෝටි තිස් දෙලක්ෂ හැට හත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක ) ක මුදලක් වන්දියක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත සඳහන් ගිණුමට බැර කළ යුතු බවට කොමිසම ඉදිරිපත් කරන ලද යෝජනාවට විත්තියේ නීතිඥයන් විරුද්ධ වූ අතර අවසානයේ අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කරන ලදී. ඒ කියන්නේ මේක ඔප්පු කරන්න අල්ලස් කොමිසමට බැ . දැන් බොරු බෝල දානවා .
Deleteඒ කියන්නේ මේක ඔප්පු කරන්න අල්ලස් කොමිසමට බැ. පුලුවන් නම් අය කරගෙන නේ චුදිත යවන්නේ . චුදිත ගේ නීතිඥයන් දැනටමත් විරුද්ද වෙලා ගෙවන්න එකඟ නැ . අන්තිමට චුදිතට අල්ලස් කොමිසමට ගෙවන්න වෙනවා නඩුව ඔප්පු නොකරොත් වන්දි . අල්ලස් කොමිසම එකෙන් ගැලවෙන්න දඟලනවා වාගේ
ReplyDelete