දිට්ටා සුලි කුණාටුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයට විශාල විනාශයක් සිදු වූ බවත්, නුවරඑලිය තිබුණු තත්වයට වඩා හොද තත්වයේ තිබෙන නුවරඑලියක් බවට පත් කිරිමට සියලු දෙනා එක් වි කටයුතු කල යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මිය පැවසීය.
අග්‍රාමාත්‍යවරිය
එ බැව් කියා සිටියේ (13) දින නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඇතිවූ ආබදා තත්වය මත පාසල්
නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ කලාප අධ්‍යපන අධ්‍යක්ෂකවරුන්,
විදුහල්පතිවරුන් දැනුවත් කිරිම සදහා සිනෙසිටා නගර සභා ශාලාවේ පැවති සාකච්ඡාවකදීය.
මෙම
සාකච්ඡාවේදි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, කුමන අඩුපාඩුකම් තිබුණද, එම අඩුපාඩුකම්
අංගසම්පූර්ණ කර ගන්නා තෙක් ලබා නොසිට තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගෙන
ළමුන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙන ලෙසයි.
මෙම
අවස්ථාවට අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑලිය දිස්ත්‍රික් පා.ම.
වන මංජුල සුරවීර ආරච්චි, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි, අනුෂ්කා තිලකරත්න, නුවරඑලිය
දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.
- රංජිත් රාජපක්ෂ

අඩි 5000 ට අඩු තැනකද නුවර එළිය හදන්න යන්නේ??
ReplyDeleteYeah right are you going to move Nuweraeliya to Jaffna ? God you people are so disgusting to see or even hear you voices.
ReplyDelete