රහස් ඡන්ද තියරිය වැඩ නොකරයි.. කොළඹ නගර සභා අයවැය පරදී..

 


ජාතික ජන බලවේගය විසින් පාලනය කරනු ලබන කොළඹ මහ නගර සභාවේ ඉදිරි වර්ෂය සඳහා වන අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 3කින් පරාජයට පත්ව තිබේ. අද දින පැවැති සභා වාරයේදී අයවැය පිළිබඳ ඡන්ද විමසීම සිදු වූ අතර, එහිදී පාලක පක්ෂයට දැඩි පසුබෑමකට ලක් වීමට සිදු විය.

අයවැය යෝජනාවලියට යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද 57ක් හා යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද 60ක් ලැබින.

මෙම පරාජයත් සමඟ සභාවේ ඉදිරි පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ආරම්භයේ සිටම සංකීර්ණ මුහුණුවරක් ගත්තේය. 

මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 119ක් වන අතර, කිසිදු දේශපාලන පක්ෂයකට තනිවම ස්ථාවර බහුතරයක් ලබා ගැනීමට නොහැකි විය.

මැතිවරණ ප්‍රතිඵල අනුව කිසිදු පාර්ශවයකට 60 සීමාව (බහුතරය) ඉක්මවා යාමට නොහැකි වූ බැවින්, ස්වාධීන කණ්ඩායම් සහ සුළු පක්ෂවල සහාය ලබා ගැනීමට සියලු පාර්ශවයන්ට සිදු විය. ජාතික ජන බලවේගය බලය පිහිටුවනු ලැබුවේද අනෙකුත් පාර්ශව කිහිපයක සහාය මතය.

බලය ලබා ගැනීමේ අරගලයේදී පක්ෂ කිහිපයක් එක්ව සභාග පාලනයක් පිළිබඳ සාකච්ඡා කළද, නගරාධිපති ධුරය සහ තනතුරු බෙදාගැනීමේදී එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා දිගින් දිගටම අර්බුද පැනනැගුණි. 

වත්මන් අයවැය පරාජය වීමටද ප්‍රධාන හේතුව වී ඇත්තේ පාලක පක්ෂයට සහාය දුන් ඇතැම් කණ්ඩායම් සහ විපක්ෂය එක්ව අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමයි.

11 Comments

  1. විනාශය ඇරඹේ

    ReplyDelete
  2. Mema palathpalana ayathana wala chandaya newatha pewath wiya yuthuyi
    Netinam aanduwata balaya diya yuthuyi

    Waste of time and money

    Why do we use wrong method to govern top institute?????

    ReplyDelete
    Replies
    1. Why give power to the government? The government abused the power when they did not win receive a majority of seats.

      The government obtained the majority by an illegal secret ballot.

      Delete
  3. රටේ කප්පරකට ප්‍රශ්න තියෙද්දී පඟර නැට්ට ගිහින් ස්වාධීන මන්ත්‍රීවරුන්ට දවස් දෙකකට ඉස්සෙල්ලා කන්න බොන්න දීලා ආතල් දීලත් චන්දෙ පරාදයි

    ReplyDelete
  4. ජයන්ත ජයසූරිය ඉදිරියේ දිව්රුම් දුන් ගෝඨාභය සහ රනිල් හිටියේ වසර 2යි. අනුරත් වසර 2ද?

    ReplyDelete
  5. චන්දෙ පැරදුනාට ඔන්න බලන්න අපි කෝලිකුට්ටුවෙ නැට්ට හයිකරලා පෙන්නනවා.

    ReplyDelete
  6. අයවැය අසාර්ථක වීමේ ක්‍රියාවලිය සහ ප්‍රතිවිපාක (අතිරේක අයවැය)

    පළමු පරාජය: සභාව අතිරේක අයවැය ප්‍රතික්ෂේප කළහොත් හෝ වෙනස්කම් යෝජනා කළහොත් සහ සභාපතිවරයා ඊට එකඟ නොවන්නේ නම්, ඔහුට එය නැවත සභාවේ සලකා බැලීම සඳහා ඉදිරිපත් කළ හැක.
    දෙවන පරාජය සහ ස්වයංක්‍රීය සම්මත වීම: නැවත ඉදිරිපත් කළ අයවැය සති දෙකක් (දින 14ක්) ඇතුළත සභාව විසින් සම්මත නොකළහොත්, එය සභාව විසින් සම්මත නොකළද, නීත්‍යානුකූලව සම්මත වූවක් ලෙස සැලකේ.

    ReplyDelete
    Replies
    1. Ehema venne kohomada? Ehenan aya-veya chandeyak thiyanne mokatada? Lol

      Delete
    2. PANATHA kiyawanna

      Delete
  7. Saarangikata wade bara nodeeme vipakaya?

    ReplyDelete
  8. Its inevitable, because this government has no capacity at all. They are good at protesting & lying only.

    ReplyDelete
Previous Post Next Post