කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම සම්බන්ධයෙන් මේ දිනවල කටකථා අසත්‍ය බවත්, විද්‍යාත්මක සහ දත්ත පදනම් කර ගනිමින් ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට කොත්මලේ ජලාශභාර ඉංජිනේරුවන් පියවර ගෙන ඇති බව මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් එච්.එම්.ජේ. හේරත් මහතා පැවසීය.
අධ්‍යක්ෂක
ජෙනරාල්වරයා (09) දින පස්වරුවේ කොත්මලේ ජලාශ වේල්ල නිරික්ෂණය කිරිමෙන් අනතුරුව
කොත්මලේ මහවැලි සංවර්ධන අධිකාරියේ ශ්‍රවනාගාරයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යට
අදහස් දක්වමින් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඒ බැව් පැවසීය.
මෙහිදි
වැඩි දුරටත් අදහස් දැක්වූ මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියා
සිටියේ ඉදිරියෙදි කොත්මලේ වාන් දොරටු විවෘත කිරිමට ප්‍රථම ජනතාව දැනුවත්
කිරිමට දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට වඩා වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට
කටයුතු කරන බවයි.
ප්‍රධාන
මාර්ග අවහිර වී ඇති නිසා ජලාශ වේල්ල මගින් වාහන ධාවනයට අවසර ලබා දී ඇති බවත්, (09)
දින සිට ජලාශ වේල්ල මතින් බර වාහන ධාවනය කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කල බවත්, අවහිර
වී ඇති මාර්ග යථා තත්වයට පත් වන තෙක් සැහැල්ලු වාහන පමණක් ජලාශ වේල්ල මතින් ධාවනය
කිරිමට අවසර දෙන බවයි මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියා
සිටියේ.
මෙම
සංචාරයට සහ සාකච්ඡාවට එක් වූ ජාතික ජල බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. මංජුල
සුරවිර ආරච්චි මහතා කියා සිටියේ,
අද
අපි කොත්මලේ වේල්ලත්, මේ ප්‍රදේශයේ තියන සුරක්ෂා මධ්‍යස්ථානය නිරික්ෂනයටත් එක්ක
තමයි අපි ආවේ. ඒකෙදි විශේෂයෙන්ම බිම ජනතාව අතර වැරදී මතවාදයන් පරාවර්තනය කරන
කොටසක් ඉන්නවා. ඒ වගේම වැරදි අදහස් සමාජ ගත කරමින් ඉන්නවා මේ වේල්ල සම්බන්ධයෙන් සහ
ඒ අවට මහවැලිය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම මේ කුනාටුවත් එක්ක ඇති වෙච්ච තත්වයන් සම්බන්ධයෙන්.
ඒ
නිසා අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා ඉහළ කොත්මලේ ජලාශයේ ක්‍රියාකාරි නිළධාරින්.
ඉතින් ඒ ගොල්ලන් සහ නිළධාරින් විසින් විය හැකිව තිබු විශාල විනාශයක් වළක්වාලමින්
කරන්න පුලුවන් උපරිම කැපකිරිම් කරා. ඒ ආයතනයට ඒ ආයතනයේ නිළධාරින්ට අපේ ගෞරවය පුද
කරන්න ඕන. කවුරු මොනවා කිව්වත් ඔවුන් විසින් ඉතා පරිස්සමෙන් ලොකු අනතුරක් වළක්වලා
තියනවා.
ඒ
වගේමයි අපි දන්නවා දීර්ඝ කාලයක් තිස්සේ මහවැලිය සම්බන්ධවෙලා ඉහළ කොත්මලේ සහ
කොත්මලේ ජලාශ ආශ්‍රිතව ජනාවාස සම්බන්ධයෙන් ඇති වුණ ගැටළු ටිකක් තිබුණා. යම් ප්‍රශ්ණයක්
තිබුණා. ඉතින් අපි ඒකෙදි අපේ අධ්‍යක්ෂකතුමාත් අද ඇවිල්ල තියනවා. විශේෂ සාකච්ඡාවක්
සදහා.
කොත්මලේ
කියන්නේ මිනිස්සුන්ට පදිංචි වෙන්න බැරි තැනක් බවට පත් වෙලා තියනවා. ඉඩම් සීමිත
වෙලා තියෙන්නේ. එතකොට මහවැලිය සතු ඉඩම් හෙක්ටයාර 55කට ආසන්න ප්‍රමාණයක් අපි නැවත
ජනාවාස කරනය සදහා යොදා ගැනීම සදහා අපි (09) දින සාකච්ඡාවක් ගත්තා.
අපි
හිතනවා මේ ව්‍යසනය ඇතුලේ නාය ගියපු මිනිස්සුන්ට නැවත ජීවිතය දෙන්න, ඔවුන්ට අදාළ
නිවසක් ලබා දෙන්න අදාළ වටපිටාව අපිට නිර්මාණය කරගන්න පුලුවන්කම ලැබුණා මේ
අවස්ථාවේ. ඒ වගේම මේ ආයතනයත් බැදිලා තියන අවභාවිතය වන උපරිම ප්‍රයෝජනයට ගන්නා හැටි
පොදු ස්ථාන තියනවා, ගොඩනැගිලි තියනවා. නැවත ඒවා ජනතාව වෙනුවෙන් බදු ක්‍රමයකට හෝ
නැතත්න් පරිහරණය කිරිමට අදාළ සැලැස්මකට අපි යන්න සුදානම් වෙලා ඉන්නවා.
ඒ
වගේමයි අනවසර ඉදි කිරිම් ඉවත් කිරිම සම්බන්ධයෙන්. අපි දන්නවා මේ විනාශයේ ප්‍රධානම
හේතුව තමයි අනවසර ඉදි කිරිම් සහ අනවසර මිනිස්සුන්ගේ මිනිස් ක්‍රියාකාරකම් තමයි මෙ
විපත කැදවා ගැනීමේ ප්‍රධාන හේතුව. එතකොට
අනවසර ඉදි කිරිම් සමබන්ධයෙන් අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද පිලිබදව අපි
සාකච්ඡාවක් ගත්තා. ්
ඒ
වගේමයි තව දුරටත් මේ වගේ සිද්ධීන් වෙනකොට අනාරක්ෂිත මාර්ග වල තියෙන ගස්, එතකොට ඒ
වගේ දේවල් ගොඩනැගිලි වලට බලපාන දේවල් අනාරක්ෂිත දේවල් ඉවත් කිරිම සදහා කඩිනමින්
කටයුතු කරනවා. යනුවෙන් පැවසීය.
මෙම
සාකච්ඡාවට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. අනුෂ්කා තිලකරත්න, නුවරඑලිය දිස්ත්‍රික්කයේ
ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිළධාරින් රැසක් සහභාගි වී සිටියහ.
- රංජිත් රාජපක්ෂ

Anurata deela vadak na, private media valata denna , mokada media nathnam aanduvata duvanna venne
ReplyDeleteවහින වෙලාවට ඩෑම් එක අරින බව ඕනෙ ගොන් තඩියෙක් දන්නවා
ReplyDeleteවැලේ වැල් නැති විපක්ශේ එවුන් නිකන් හුරතල් බබාල වෙන්න හදනවා මේ අහසින් පාත් උන උන් වගේ
අනුර කියන වැඩ බැරි දාස සහ උගේ බෝල්ශෙවික් පක්ෂෙ බේරගන්න
Deleteමේ මිනීමැරුම සාඬාරණිකරණය කරන්න එපා බං , උඹට විතරක් නෙවෙයි ඒ සාපෙ වදින්නෙ
උඹලා හරක් වගේ එකපාරටම ඇරලා මිනීමරලා දැන් විද්‍යාව අනුව කරාලු
ReplyDeleteඋඹලා කියන විද්‍යාව අනුව කරලා මේ විනාශෙ වුනානං
විඳ්‍යාව වැරදි වෙන්න ඕනෙ
උඹලා හරි නං විද්‍යාව මේ මරණ වලට වගකිව යුතුයි
විද්‍යාව හරි නං උඹලා මේ මරණ වලට වගකිව යුතුයි
ඉන්දියාව හරි වෙලාවට ජලාශ වල ජලය ඉවත් කළා එරට දේශපාලන අධිකාරියේ තීන්දු තීරණ නියෝග මත.
ReplyDeleteජන ජීවිතවලට අදරැති දේශපාලකයෝ හැසිරෙන විදිය ඕවා දැකලවත් ඉගෙන ගනිල්ලා.
කොහෙද ඉතින් බලය ලබා ගැනීම උදෙසා මිනිස්සු මරපු ත්‍රස්තවාදී කණ්ඩායමකට මිනිස් ජීවිතවල වටිනාකමක් තියෙන්න විදියක් නැහැ.
I thought engineers should take decisions on these and not the politicians!
DeleteThey are good at lying as usual. Usually they release water before rainy season, because this is done by engineers. However, this time they were not given orders to do so. Government ignored weather forecast or they don't have bloody Idea about it at all. They evaluate these things very carefully,.unfortunately when you have a ignorant government it's hard to do so. Sadly many innocent lifes were lost due to stupidity of this government
ReplyDeleteබොරු බයිලා එපා......කොහෙද විනාශයක් වැලැක්වුවේ......කොත්මලේ ජලාශ ඉංජිනේරුවෝ 200% මේකට වගකිවයුතුයි...නොසැලකිලිමත්භාවයට.....
ReplyDelete