ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසැල් නැවත ආරම්භ කිරීම, සහ අධ්‍යාපන ක්ෂේත්රයේ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් පරිවේනාධිපති ස්වාමින් වහන්සේලා, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් (13) දින නුවරඑළිය සිනෙසිටා නගර ශාලවේදී පැවැත්විණ.
දිවයිනේ
සියලු පාසැල් දෙසැම්බර් 16 වන දින ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කලත්
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පැසල් පැවැත්වීම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට අදාළ
පළාත් දිස්ත්‍රික්ක බලධාරීන්ට බලය ලබා දී ඇති බව අග්‍රාමාත්‍යතුමිය පවසනවා.
අවධානම්
ප්‍රදේශවල පිහිටා ඇති පාසල් වලට NBRO වාර්තා ලබා ගැනීම අනිවාර්ය බවත්, ප්‍රවේශ මාර්ග සහ යටිතල
පහසුකම් සම්බන්ධයෙන් වැඩි අවධානය යොමුකළ යුතු අතර, පාසල් යාම දරුවන්ට බරක් නොවිය යුතු බවත්,
ගුරුභවතුන්ට සහ දරුවන්ට පහසු ඇදුමක් පැළදීමේ අවස්ථාව ඇති
බවද මෙහිදී අගමැතිතුමිය මෙහිදී අවධාරණය කලාය.
වාර
විභාග, විෂය නිර්දේශ වලින් ඔබ්බට ගොස් දරුවන්ගේ මනස සුවපත් කිරීමට උත්සහ කරන ලෙසත්,
ආපදා වලින් ආතතියට පත් ළමුන්
එයින් මුදවාගැනීමට නම්‍යශිලිව අවශ්‍ය කටයුතු යොදන ලෙස මෙහිදී අගමැතිතුමිය උපදෙස්
ලබා දුන්නාය.
කුමන
බාධක පැමිණියත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සිදුකරන බව මේවන විට ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු 51% අවසන් බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය .
මෙම
ස්වාභාවික ව්‍යසනයෙන් පසුව රට පැවති තත්ත්වයට නොව ඊට වඩා ඉදිරියට ගෙන යාමට සියලු
දෙනා කැපවීමෙන් වැඩ කලයුතු බව ඇය
වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
මෙම
විශේෂ සාකච්ඡාව සදහා දිස්ත්‍රික්
සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි,
නියෝජ්‍ය අමාත්‍ය මධුර
සෙනවිරත්න , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කලේයි චෙල්වි,
අනුෂ්කා තිලකරත්න,
යන මහත්ම මහත්මින් ඇතුළු මහජන
නියෝජිතයන්,
නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය,
මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ
ලේකම් මධුපානි පියසේන මහත්මිය , ඇතුලු රාජ්‍ය නිළධාරින්
සහභාගී වී සිටියහ.
රංජිත් රාජපක්ෂ

ReplyDeleteපාසල් නිල ඇදුම අයින් කරන එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ? අපේ සමාජයෙ පාසල් නිල ඇදුම ඇදගෙන යන ලමයෙක්ට ගවුරවයක් ආදරයක් තියනව. බස් එකක ගියත්, පොදු ස්තානයක හිටියත්, ලමයෙක්ගෙ සන්යමය යම් විදියකින් හරි ගස්සනම මේ නිල ඇදුම. කරුනා කරල, විසය පතය ලෝකයට ගැලපෙන විදියට දියුනු කරන එක කරන්න. වෙන ලබ්බවල් කරන්න දගලන්නෙ නැතුව.
හරකො. මේ ළමයින්ගෙ ඇඳුම් ගංවතුරට යට වෙලා. සුදු ඇඳුම් නැති නිසා ඉස්කෝලෙ නොගිහින් ඉන්න එකද හොඳ තියෙන ඇඳුමක් අරං ඉස්කෝලෙ යන එකද හොඳ ?
Delete1. පන්ති භේදය වැඩි වෙන්නේ නැද්ද? නත්තත් ඉස්මතු වෙලා පේනවා. දෙමව්පියන්ට වියදමත් වැඩි වෙනවා.
ReplyDelete2. ඉස්කෝල ළමයෙකුට අකරතැබ්බක් උනොත් ඉක්මනට පේනවා. උදව් කරන්න කවුරු උනත් ඉක්මනට ඉදිරිපත් වෙනවා. පාට පාට ඇඳලා යන එකාට වැඩිය.
3. ළමයින්ට කට්ටි පනින්න ලේසි වෙනවා නේද? හොයාගන්නේ කොහොමද?
මේ ඔක්කොම කරන්නේ ළමයින්ව දුරාවට යොමු කරන්න. මේ අගමැතිට මානසික ලෙඩක් pedophile කෙනෙක්.
Really i appreciate ur comment
DeleteThis woman is in her American woke dream. WE SHOULD NOT LET this woman to reduce religion and teach other religion in classes .As it is we teach only very littile buddhism to our chindren .Theres no Sri Lanakn history .We need to teach our children Sinhala History and history of Tamils and muslims in Sri Lanka .woman cannot and should not decide for all of us people have to decide .also woman is trying to introduce LGBTQ ideas to education . a book outlining the curriculum is in circulation
ReplyDelete