රන්වල ජාතික රෝහලට...


ජාතික ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කතානායක අශෝක සපුමල් රන්වල මහතා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වේ. 

ඊයේ (11) රාත්‍රියේ සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේදී සිදුවූ මාර්ග අනතුරකින් තුවාල ලැබීමෙන් පසු ඒ මහතා මූලිකව කිරිබත්ගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ ඔහු දැනට එම රෝහලේ 72 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

මෙම අනතුර සිදුව ඇත්තේ මන්ත්‍රීවරයා විසින් පදවනු ලැබූ ජීප් රථය ගල් වල හන්දියේ සිට පවර් හවුස් දෙසට දිවෙන මාර්ගයේ දෙනිමුල්ල හන්දිය ආසන්නයේදී ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදියක පිටුපස ගැටීමෙනි. 

පොලිසිය සඳහන් කරන්නේ එම ගැටීමෙන් පසු රන්වල මහතා ජීප් රථය පාරේ දකුණු පසට හැරවීමට උත්සාහ කිරීමේදී එය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී ඇති බවයි.

මෙම සිදුවීමෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු සහ මාස හයක කුඩා දැරියක තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ. 

සපුගස්කන්ද පොලීසිය විසින් මෙම මාර්ග අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් සිටී.

7 Comments

  1. මූ ආන්ඩුව කන්න ආපු එකෙක්. දැන්වත් මූව එලවපං තවත් ගූ කරන්න කලින්

    ReplyDelete
    Replies
    1. සක්කිලි හොර තක්කඩි උපාදි බේබදු නාකි පරයා දැන්වත් එලවන්න පොන්න ලප කොටාට කොන්දක් තියෙනවද බලමු.

      Delete
  2. අනේ හරිම සරල ඇමතේවරු, ඉස්සර කාලෙ නම් හිටපු ඇමතිවරු එක්කෝ සැප සම්පත් සහිත පුද්ගලික රෝහල් වලටහරි පිටරට ඉස්පිරිතාල වලට යනවා. බලන්න මෙයා දැශ් ඉන්න ඇමතිවරු කොච්චර සරලද කියලා. මේ අය මහජන මුදල් අවබාවිතා කරන්නේ නෑ. අපි මුන්ට රැවටෙමු මෙයාලා

    ReplyDelete
  3. මුගේ බයිලා බොරු වලට අහු නොවී ලේ මද්‍යසාර ප්‍රමාණය මැනපන්.

    ReplyDelete
  4. රංගවල. දැඩිව බීමත්ව සිටි බව ආරංචි වෙනවා. බීමතින් රිය පදවා අනතුරු දෙකක් ඇති කරමින් තිදෙනකු රෝහල්් ගතවනා තරමට තුවාල සිදු කර සිදුකර රන් වලටා තරමට තුවාල සිදුකර රන් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ තරමට තුවාල සිදුකර රන් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියන්න අවශ්‍යයි. , මම

    ReplyDelete
  5. මහාචාර්යතුමාට අවුරුද්දෙ මේ කාලය නරකයි වගේ. 2024 දෙසැම්බර් 13 තමයි කතානායක පදවියෙන් දොට්ට දැම්මෙ. දැන් බලමු ආණ්ඩුව නීතිය හරියට ක්‍රියාත්මක කරනවද කියලා.

    ReplyDelete
  6. Ranwala is wrong. He has to break, or he was not under control. Simple traffic law. Check his blood sample. A double-faced so-called politician and a manipulator.

    ReplyDelete
Previous Post Next Post