සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල් මහත්මිය (Union Minister of State for Health and Family Welfare Anupriya Patel) අතර හමුවක් (19) ඉන්දියාවේ නවදිල්ලි හීදී පැවැත්විණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන
ගෝලීය සමුළුවට (The World Health Organization (WHO)’s
Second Global Summit on Traditional Medicine)
සමගාමීව මෙම හමුව සිදුවිය.
මෙම හමුවේ දී දෙරට අතර අඛණ්ඩ රාජ්‍ය තාන්ත්‍රික සහ සෞඛ්‍ය සහයෝගීතාව
මෙන්ම ඉදිරි වසරවල දී දෙරට අතර පවතින සහයෝගීතාව තවත් ඉහළ නැංවීමට ගත යුතු ක්‍රියාමාර්ග
සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව විශ්වාසදායක හවුල්කරුවන් ලෙස කැපවී කටයුතු කිරීම පිළිබඳව
ද අවධානය යොමු කරමින් අදහස් හුවමාරු කර ගන්නා ලදි.
ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන රාජ්‍ය අමාත්‍ය අනුප්‍රියා පටෙල්
මහත්මිය මෙහිදී කියා සිටියේ ඉන්දියාවේ අසල්වැසි රාජ්‍යයන් පළමුව යන ප්‍රතිපත්තියේ
කේන්ද්‍රීය ස්ථානය ශ්‍රී ලංකාව බවයි. දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රි ලංකා රජය
පශ්චාත් ආපදා කටයුතු ශක්තිමත් කිරීම සඳහා ගෙන යන ලද වැඩපිළිවෙලට ඉන්දියාව ශ්‍රී
ලංකාවට සහයෝගය ලබාදුන් බව ද ඉදිරියටත එම සහයෝගය අඛණ්ඩව ලබාදෙන බව ද අවධාරණය කරන ලදි.
ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් බවත් දෙරට අතර අන්තර්ක්‍රියා
අතරතුර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයේ කැපවීම වෙනුවෙන්
ශ්‍රී ලංකාවේ කෘතවේදීත්වය පිරිනමන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද
ජයතිස්ස මහතා මෙහිදී අවධාරණය කරන ලදී.
මෙරටට බල පෑ හදිසි ආපදා තත්ත්වය අවස්ථාවේ ඉන්දීය රජය දැක්වූ සහයෝගීතාවය
මෙහි දී අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක් වූ අතර, ආපදා තත්ත්වයෙන් පසු නැවත රට
ගොඩනැගීමේ ඉදිරි වැඩපිළිවෙලට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස ද, මෙරට සෞඛ්‍ය සේවාවේ මෙන්ම රජයේ ඉදිරි කටයුතු
ශක්තිමත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ වැඩපිළීවෙල තවත් ශක්තිමත් කිරිම සඳහා සහාය
ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටින ලදි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ දෙවන
ගෝලීය සමුළුව පසුගිය (17) ආරම්භ වූ අතර අද (19) එම සමුළුවේ අවසන් දිනයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉන්දීය රජයේ ආයුෂ් අමාත්‍යාංශය (Ministry of Ayush) සමඟ ඒකාබද්ධව සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව
සඳහා සාක්ෂි, ඒකාබද්ධ
කිරීම සහ නවෝත්පාදනයන් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම සමුළුවට
රටවල් 100 කට
වැඩි ගණනක රජයේ අමාත්‍යවරුන්, විද්‍යාඥයින්, ස්වදේශික නායකයින් සහ වෘත්තිකයන් එක්ව සිටී.
