ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් පිරිස් වෙනුවෙන් රජය සහ බැංකු පද්ධතිය මගින් පිරිනමනු ලබන මූල්‍යමය ආධාර හා ණය පහසුකම් ලබා ගැනීමේදී මහජනතාව ඉහළ වගකීමකින් ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.
මහනුවර ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ අධිපතිවරයා අවධාරණය කළ කරුණු කිහිපයක් පහත පරිදි වේ:
රජය මගින් ලබා දෙන අරමුදල් නිසි අයුරින් පාලනය කරගැනීම සහ ප්‍රතිලාභීන් සතු වගකීමක් බව ඔහු පෙන්වා දුන්නේය.
වත්මන් ආපදා සහන යටතේ රජය විශාල ප්‍රතිපාදන වෙන් කර ඇතත්, තමන්ට අත්‍යවශ්‍යම වන මුදල පමණක් ලබා ගැනීමට පුරවැසියන් උනන්දු විය යුතුය.
මීට පෙර පාස්කු ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය පැවැති සමයේ හඳුන්වා දුන් ණය සහන අනිසි ලෙස හා සැලසුමකින් තොරව ලබාගත් පිරිස්, පසුව එම ණය වාරික හා පොලිය ගෙවා ගත නොහැකිව බරපතල ආර්ථික ගැටලුවලට මැදි වූ බව අධිපතිවරයා මතක් කර සිටියේය.
බැංකු ණයක් යනු කිසිසේත්ම නොමිලේ ලැබෙන දීමනාවක් නොවන බවත්, එය පොලියක් සහිතව ආපසු ගෙවිය යුතු වගකීමක් බවත් ව්‍යවසායකයින් වටහා ගත යුතු බව ඔහු සිහිපත් කළේය.
තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාවලට සරිලන, තමන්ට දරාගත හැකි ණය ප්‍රමාණයන් පමණක් ලබා ගැනීම නුවණට හුරු ක්‍රියාවකි. අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීම හරහා සැබෑ ලෙසම මූල්‍ය අවශ්‍යතා සහිත වෙනත් අයෙකුට හිමි විය යුතු අවස්ථාව අහිමි වන බවද හෙතෙම සඳහන් කළේය.
එබැවින්, මූල්‍ය විනය සුරකිමින් තම ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙන යාමේ වැදගත්කම මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

ඇත්ත. අපේ ගොඩක් උන් කටට දා ගන්න බැරි තරම් අතට ගන්න දක්ෂයෝ. උටත් නෑ, වෙන එකෙක්ටත් නෑ. ගෑනු හින්ද තමයි ගොඩක්ම කෙලව ගන්නෙ, උන්ගෙ තණ්හාව වැඩි වෙලා, අනික් උන්ට පේන්න රඟන්න ගිහිං
ReplyDelete