රුහුණු මහා කතරගම දේවාලයට පූජා කර තිබූ රුපියල් දහනව ලක්ෂ හැට දහසක (1,96,0000) රන්තැටියක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව සාවද්‍ය පරිහරණය කර විශ්වාසය කඩ කිරීමේ චෝදනාව මත කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතාට සහ ගබඩා භාරකරුට එරෙහිව හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව ඉදිරියේ ඊයේ (11 වැනිදා) අධි චෝදනා භාරදීම සිදුකෙරුණි.
මෙලෙස අධි චෝදනා භාරදීම සිදුකෙරුණේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන සොමිපාල ටී. රත්නායක හා කතරගම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ මුණසිංහ මාන්නප්පෙරුම සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා නමැති විත්තිකරුවන් දෙදෙනාටයි.
අධි චෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරුවන් වෙනුවෙන් ඉදිරිපත්ව සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව එක් එක් විත්තිකරුවන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස නියෝග කෙරුණි.
අතුරුදන් වූ බව කියන මෙම රන්තැටිය 2019.07.03 වන දින කතරගම දේවාලයට පූජා කර තිබුණේ ඉන්දියාවේදී මරුමුවට පත් වූ බව කියන ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු වන අංගොඩ ලොක්කා නමැත්තාගේ බිරිඳ විසිනි. අංගොඩ ලොක්කාගේ දරුවාගේ අපලයක් සඳහා වූ භාරයක් ලෙස මෙම රන් තැටිය කතරගම දේවාලයට පූජා කර තිබේ.
එලෙස පූජා කර තිබූ මෙම රන් තැටිය කතරගම දේවාලයේ ගබඩාවේ තැන්පත් කර තිබියදී අතුරුදන්ව ඇති බවට එවකට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ලෙස කටයුතු කළ ඩිෂාන් ගුණසේකර වෙත නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ. ඒ අනුව බස්නායක නිලමේවරයා විසින් සිදු කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ අදාළ රන් තැටිය අතුරුදන් වී ඇති බවයි. ඒ අනුව බස්නායක නිලමේවරයා විසින් ඒ සම්බන්ධයෙන් එවකට පොලිස්පතිව කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්නට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් වූ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර එහිදී අනාවරණය වී තිබුණේ අංගොඩ ලොක්කා නමැත්තාගේ ගෝලයන් විසින් ලබාදුන් රත්තරන් යොදාගෙන කතරගම ප්‍රදේශයේ රන්කරුවකු විසින් මෙම රන් තැටිය සකස් කර ඇති බවය.
එලෙස පූජා කරන ලද රන්තැටිය කතරගම දේවාලයේ ගබඩාවෙන් අතුරුදන්ව ඇති බවට බස්නායක නිලමේවරයා දැන ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව කපු මහතුන්ගෙන් විමසා ඇති අතර එහිදී එම රන් තැටිය බාරගත් ප්‍රධාන කපු මහතා පවසා ඇත්තේ අදාළ රන් තැටිය පූජා කළ අය විසින්ම යළි රැගෙන ගිය බවය. ඒ අනුව අදාළ රන්තැටිය පූජා කළ අංගොඩ ලොක්කාගේ බිරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ ඇය විසින් පූජා කිරීමෙන් අනතුරුව යළි එම රන් තැටිය රැගෙන නොආ බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වීමත් සමග කපු මහතා විසින් ව්‍යාජ රන්තැටියක්ද සකස්කර දේවාලයේ ගබඩාවේ තැන්පත් කර තිබේ. පූජා කරන ලද රන්තැටියේ ඡායාරූපයක් තිබීම හේතුවෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ දේවාලයේ ප්‍රධාන කපු මහතා විසින්ම ව්‍යාජ රන්තැටියක් නිර්මාණය කර දේවාල ගබඩාවේ එය තැන්පත් කර ඇති බවය. එලෙස සකස් කරන ලද ව්‍යාජ රන් තැටිය දේවාලයේ ගබඩාවේ තැන්පත් කර ඇත්තේ ද දෙවැනි විත්තිකරු වන චූටි කපු මහතා විසින් බවද විමර්ශන නිලධාරින් අනාවරණය කරගෙන තිබුණි.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවැති මූලික නඩු විභාගයෙන් අනතුරුව චූදිතයන් දෙදෙනාට නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධි චෝදනා 03ක් යටතේ නඩු පවරා ඇත.
නුවන් ජයසේකර - සූරියවැව

මේ සිද්ධි වලින්ම තේරෙනව නේද දේව ඇදහිල්ල හොරුන්ට ගිය මිත්‍යාවක් කියල. කපුවො විතරක් නොව ලොකු නිලමෙලත් එකම බෝට්ටුවේ අය...
ReplyDeleteA god who accepts gifts from drug dealers, murderers, thieves. Gold offered by such people are not earned with honesty but by destruction of others lives. And yet these places accept it while knowing such baubles are tainted with blood.
ReplyDeleteThe action of stealing from the house of his god shows that this priest has no fear , respect or love for his god. Such things as respect has to be earned and cannot be commanded. Sadly that seems to be not the case with this god.
ReplyDelete