මහජන සෞඛ්‍යයට හානි වන අයුරින් විකෘති සහගත තොරතුරු හා ප්රවෘත්ති ප්‍රචාරය කරන මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර අවලංගු කිරීමට පසුබට නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන විකාශන බලපත්‍ර තාවකාලික ඒවා බවත්, ඒවා අවලංගු කිරීමේ නීත්‍යානුකූල බලය විෂයභාර අමාත්‍යවරයා සතු වන බවත්ය.
මෙහිදී මාධ්‍ය ක්‍රියාකාරිත්වය විවේචනයට ලක් කළ අමාත්‍යවරයා, පසුගිය දිනවල වාර්තා වූ 'ඉමියුනෝග්ලොබියුලින්' ඖෂධය පිළිබඳ පුවත් නිදසුනක් ලෙස දක්වන ලදී. එම ඖෂධය ගෙන්වීමේදී සිදු වූ වංචනික ක්‍රියාවලිය සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති අතරතුර, ප්‍රමිතියෙන් යුතු ඖෂධ යළි ගෙන්වීම පවා ජනතාව තුළ වැරදි වැටහීමක් ඇති වන අයුරින් වාර්තා කිරීම සම්බන්ධයෙන් ඔහු සිය කණගාටුව පළ කළේය.
"යමෙක් වාර්තා කරනවා නම් අර ඇමතිවරයාට නඩු වැටුණු ඉමියුනෝග්ලොබියුලින් යළිත් ගෙනල්ලා කියලා, ඒකෙන් අදහස් වෙන්නේ අර ප්‍රමිතියෙන් තොර ඖෂධයම නැවත ගෙනල්ලා කියන එකයි. මෙවැනි විකෘති සහගත වාර්තාකරණයන් තුළින් බිඳ වැටෙන්නේ මහජන සෞඛ්‍යය පිළිබඳ ජනතාව තුළ ඇති විශ්වාසයයි," යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
එසේම, කාලගුණ තත්ත්වයන් පිළිබඳව වාර්තා කිරීමේදී විවිධ අවස්ථාවල සිදුවන කැළඹීම් කිහිපයක් එකට එකතු කර ජනතාව බියට පත්වන අයුරින් පුවත් නිර්මාණය කිරීම ද අමාත්‍යවරයාගේ විවේචනයට ලක් විය. මාධ්‍යවේදියෙකු ලබා දුන් තොරතුරක් ප්‍රචාරය කළා යැයි පවසමින් මාධ්‍ය ආයතනවලට තම වගකීමෙන් බැහැර විය නොහැකි බවත්, මෙය සෙල්ලමක් නොවන බවත් ඔහු අවධාරණය කළේය.
ජනමාධ්‍ය බලපත්‍ර ලබා දීමේදී පනවා ඇති කොන්දේසි පිළිබඳව සිහිපත් කළ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ මහජන සෞඛ්‍යයට හානිදායක ලෙස කටයුතු කිරීම බලපත්‍රය අහෝසි කිරීමට ප්‍රමාණවත් හේතුවක් බව පෙන්වා දුන්නේය.
"දැනට අපි කරමින් ඉන්නේ ලිපියක් යවා නිවැරදි කිරීමක් ඉල්ලා සිටීම පමණයි. නමුත් මින් ඉදිරියට මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් මෙවැනි විකෘති සහගත ප්රවෘත්ති ප්‍රචාරය කළහොත්, බලපත්‍ර ලබා දීමේදී පනවා ඇති කොන්දේසි අනිවාර්යයෙන්ම බලාත්මක කිරීමට අපි කටයුතු කරනවා," යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රටක් ලෙස ඉදිරියට යාමට නම් සෞඛ්‍ය ක්ෂේත්රය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

බාල බෙහෙත් ගෙන්නලා මිනී මරපු එකා පරිටෝක් දෙනවා
ReplyDeleteවෛද්‍ය අමාත්‍යවරයෙකු විසින් මාධ්‍ය තහනම් කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නීතිමය වශයෙන් අසාර්ථකද, දේශපාලනික වශයෙන් අනතුරුදායකද වන කටයුත්තකි. මාධ්‍ය බලපත්‍ර, සංඛ්‍යාත සහ නාලිකා පාලනය සම්බන්ධ බලතල ව්‍යවස්ථානුකූලව මාධ්‍ය අමාත්‍යාංශයට හා නියාමන ආයතනවලට පමණක් සීමා වූ විෂයයන් වන අතර, වෛද්‍ය අමාත්‍යවරයාට එවැනි බලයක් නැත. එවැනි ප්‍රකාශ කිරීමක් itself බලය අතුරුදහන් වී ඇති ආණ්ඩු චින්තනයක් ප්‍රදර්ශනය කරයි.
ReplyDeleteමෙය මාධ්‍ය නියාමනයක් නොව, සෘජු මාධ්‍ය මර්ධනයකි. විවේචනය දරාගත නොහැකි බව රටට ප්‍රකාශ කරමින්, නීතියට ඉහළින් තමන් පවතින බවට දේශපාලනඥයෙකු දෙන සංඥාවකි. පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යයට එරෙහිව සිදු කළ ක්‍රියාමාර්ගවලට විරුද්ධව කතා කළ දේශපාලන බලවේගයම අද එම දේ නැවතත් කරනවා නම්, එය ද්විත්ව ප්‍රමිතියක් (double standards) නොව, සෘජු වංචාවකි.
වෛද්‍ය අමාත්‍යවරයෙකුට මාධ්‍ය තහනම් කිරීම පිළිබඳ ප්‍රකාශ කිරීමේ අයිතිය තිබේ නම්, එහෙම වෙන්නේ රටේ නීතිය නොව, පුද්ගලික කැමැත්ත පාලනය කරන රාජ්‍යයක් පවතින නිසාය. මෙවැනි ප්‍රකාශ සාමාන්‍යකරණය වීමෙන් රටක් ප්රජාතන්ත්රවාදයෙන් අධිපතිවාදයට ලිස්සෙමින් යන මොහොතක් අපට පෙනේ.
හෝවු හෝවු හෝවු
Deleteමේ හාදය සවුක්කිය හා ජනමාද්දිය ඇමටි
What a democracy. Is this new system change jeppo ? So you cant handle the truth man ? Then start with Sirasa, SIYATHA. Itn, RuPAVAHINI. This is what they did in 88/89. If they don't agree with them they will eliminate you. Murders even now they are killing people.
ReplyDeleteතොපි තරම් බොරු කියපු උන් ලොවෙත් ඉන්නවද? මහ එකා කට උල් කර කර බොරු කියල මිනිස්සු රවට්ටලා තමය් දිනුවේ. උඹල වගේ අනිත් මිනිස්සු චන්ද දිනන්ඩ ඔහොම බොරු කිව්වේ නෑ. ඉස්සෙල්ලාම තහනම් කරන්ඩ ඕනේ කොටි සිරස.
ReplyDeleteඅන්න හොඳයි. Back Date කරන්න බැරිද? තොපේ 'ලංකා' පත්තරේ තමයි ඉස්සර වෙලාම තහනම් වෙන්නේ. සුනාමි පචේ මිග් පචේ හදපු sunday leader එහෙමත් තහනම් කරන්න පුළුවන්.
ReplyDeleteDitta Dhamma Vedaneeya karma coming true for the jeppAS
ReplyDeleteUbala baley allagaththe boru kiyalane.
ReplyDeleteOttui madyata atha thiyanne na.
ReplyDelete