කුණාටු අපාදාවට කාලගුණ ප‍්‍රධානියාට එරෙහිව පැමිණිලි කෙරේ...


 රට තුළ ඇති වූ දරුණු කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවට නිසි වේලාවට අනතුරු ඇඟවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපොහොසත් වූ බවට චෝදනා කරමින්, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල සිදුකර ඇති ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ කැඳවුම්කරු වන ප්‍රියන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, මෙම ව්‍යසනය හේතුවෙන් විශාල පිරිසක් මරණයට පත්වීම, අතුරුදන් වීම සහ පීඩාවට පත්වීම සැලකිල්ලට ගත් විට, දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවයි.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, මෙවැනි මහා පරිමාණ විපතක් සිදුවන බව දැන දැනත්, නිලධාරීන් විසින් මහජනතාව දැනුවත් නොකළ බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ලවීම බරපතළ තත්ත්වයක් බවයි.

"රටට බලපෑ මෙම මහා ව්‍යසනයේදී, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැත්තෙන් යම් දෝෂයක් සිදුවී ඇත්දැයි අපට නිශ්චිතවම දැනගත යුතුයි. මන්ද, මෙම ආපදාවෙන් ජීවිත අහිමි වූ ජනතාවට සාධාරණයක් ඉටු විය යුතුයි. එම නිසා අපි මානව හිමිකම් කොමිෂන් සභාවට ගොස් පැමිණිලි කළා." යනුවෙන්  හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

7 Comments

  1. අනිවාර්යයෙන්ම පැමිණිල්ල කරපු එකා ඩෝබියෙක්.මෙහෙම කරහම ආණ්ඩුවට එල්ලවෙලා තියෙන චෝදනාව අනෙක් පැත්තට දාලා ඩෝබිලට මේ පැමිණිල්ල උස්සගෙන දුවන්න පුළුවන්

    ReplyDelete
  2. නෑ මෙක තමයී නියම විදිය දැන් එතුමාට කියන්න පුළුවන් තමුන් ව ග කියන්නේ දේශපාලන අධිකරියට බව සහ තමුන් ඒ ගැන දැනුවත් කරේ කවුද කියලා.දේශපා ලු වන හි ර කරන්න පුළුවන් හොඳම විදිය මෙක තමයී

    ReplyDelete
  3. මේකට වගකිව යුතු ජනාධිපති බව අනාගතයෙදි තහවුරු වන ලකුණු ජාත්‍යන්තරයේ පල වන කරුණු වලින් හා
    ආපදා කලමණාකාරන කම්ටු රැස්වීම් නියමිත අයුරින් පනත අනුව ව්නොපැවැත්වීමෙන් නිගමනය කල හැක.

    ReplyDelete
  4. ලංකා ජාතික සංවිධානයේ කැඳවුම්කරු වන ප්‍රියන්ත හේරත් කුලියට පඩින ඩෝබියෙක් කියලා දැනගත්ත එක හරි වටිනවා.

    ReplyDelete
  5. මේක රනිල්ගේ වැඩක් වෙන්න ඔනේ..

    ReplyDelete
    Replies
    1. හැරවීමේ ඩෝබි න්‍යාය

      Delete
  6. This is what happens when you appoint a friend to this kind of a position, to be in charge of the irrigation. This idiot has no experience, and the malimawa had ideas to get more electricity due to the rain. This shows what an inept government can do to ruin a country.

    ReplyDelete
Previous Post Next Post