කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි කහල්ල - පල්ලෙකැලේ රක්ෂිතයේ ස්ථාන කිහිපයක ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ අනුදැනුම මත ඉතා සූක්ෂ්ම ලෙස මහා පරිමාණ පස් ජාවාරමක් සිදුවන බව අනාවරණය වී ඇත. විශේෂයෙන්ම මෙම රක්ෂිතයේ ඉරුදෙනිය ප්‍රදේශයේ සිදුවන පස් කැපීම්, මහව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී ඇති නියෝගයක් පවා උල්ලංඝනය කරමින් සිදු කිරීම කැපී පෙනෙන තත්ත්වයකි.
හේරත්ගම අඩවියේ අඩවි වන හිටපු ස්ථාන භාර නිලධාරී විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව, අදාළ කලාපයට ඇතුළු වීම පවා තහනම් කරමින් අධිකරණ තීන්දුවක් ලබා දී තිබුණද, ජාවාරම්කරුවන් දේශපාලන බලය උපයෝගී කරගනිමින් එම නියෝගයන්ට අභියෝග කරමින් මෙම පස් කැපීමේ නිරත වන බව වාර්තා වේ.
ජාවාරම්කරුවන් රාත්‍රී කාලයේදී ට්‍රැක්ටර් යොදා ගනිමින් මෙම බොරලු සහ පස් ප්‍රවාහනය කරන බවට වීඩියෝ සාක්ෂි ද පවතී.
මේ සම්බන්ධයෙන් හේරත්ගම වර්තමාන අඩවි වන නිලධාරී එම්.එල්.කේ. වාසල මහතාගෙන් විමසීමක් කළ අවස්ථාවේදී ඔහු මුලින් ප්‍රකාශ කළේ මීට පෙර එවැනි සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති නමුත් වත්මන් තත්ත්වය පිළිබඳව තමා නොදන්නා බවයි,. පසුව ඔහු වැඩිදුර තොරතුරු ලබා නොදී දුරකථන ඇමතුමට ප්‍රතිචාර දැක්වීම මඟ හැරියේය.
වනජීවී අධ්යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ, අධිකරණ තීන්දුවකින් ඇතුළු වීම තහනම් කර ඇති ප්‍රදේශයක කිසිදු ක්‍රියාකාරකමක් සිදු කිරීමට අධිකරණ අවසරයකින් තොරව ඉඩක් නොමැති බවයි. මේ පිළිබඳව කඩිනමින් සොයා බලා අවශ්‍ය තොරතුරු ඉදිරියේදී දැනුම් දෙන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය

Meka boru news ekak
ReplyDeleteNadu dala hire yawanne netuwa news gahala wedak ne
පුවත්පත තම වගකීම ඉටුනර ඇත. ඔබ ඊලඟ පියවර ගන්නා
Deleteපුනරුදය
ReplyDelete