මිනුවන්ගොඩ මාලිමා නගරාධිපති ඉල්ලා අස්වේ...

 


මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ධුරය හෙබවූ ජාතික ජන බලවේගයේ අසේල වික්‍රමාරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇත. 

අද දින පැවැත්වුණු විශේෂ සභා වාරයේදී ඔහු මේ පිළිබඳව නිල වශයෙන් දැනුම් දුන්නේය.

තමා මෙම තීරණය ගනු ලැබුවේ ස්වකීය කැමැත්ත මත මිස කිසිදු පාර්ශවයක බලපෑමක් නිසා නොවන බවත්, මාස හයක කෙටි සේවා කාලයකින් පසු තමා මෙලෙස සමුගන්නා බවත් ඔහු පැවසීය.

තම ඉල්ලා අස්වීම පිළිබඳව ජාතික ජන බලවේගය වෙත ද මේ වන විටත් නිල වශයෙන් කරුණු වාර්තා කර ඇති බව වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මිනුවන්ගොඩ නගර සභා ඉතිහාසය තුළ සභාපතිවරයෙකු ස්වේච්ඡාවෙන් සිය ධුරය අතහැර ගිය පළමු අවස්ථාව මෙය ලෙස සටහන් වේ.

3 Comments

  1. නැව ගිලෙන්න ඉස්සර මීයෝ පනිනවා

    ReplyDelete
  2. ආතල් එකේ රස්සාවක් කරං පඩියක් අරගෙන හිටපු තමන් , පාපිස්සක් වී ඇති බව එකෙකුට තේරුම් ගිය ඒ උතුම් මොහොත. .. 2026 වැල ඔ්පන්....

    ReplyDelete
    Replies
    1. හෘදසාක්ෂිය ඇති අයත් මාළුමාවෙ ඉන්නව!

      Delete
Previous Post Next Post