ඇමති බෑණෙකුගෙන් මහින්දට කොළඹින් නිවසක්..

 


විජේරාම මාවතේ පිහිටි නිල නිවස රජයට භාරදීමෙන් අනතුරුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවසක පදිංචියට පැමිණ තිබේ.

නිල නිවස අහිමි වීමත් සමඟ ඒ මහතා තංගල්ල, කාල්ටන් නිවස වෙත ගොස් පදිංචි වූ නමුත්, පසුගිය සතියේ සිට ඔහු නැවත කොළඹ ආශ්‍රිතව රැඳී සිටීමට තීරණය කර ඇත.

හිටපු ජනාධිපතිවරයා තංගල්ලේ සිට කොළඹට පැමිණීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ කොළඹ කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරෙන දේශපාලන කටයුතු සඳහා සහභාගී වීමේ පහසුව හා වෛද්‍ය පරීක්ෂණ සහ රෝහල් වෙත පිවිසීමේදී ඇතිවන ප්‍රායෝගික අපහසුතා මඟහරවා ගැනීමයි.

නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම නිවස හිටපු අමාත්‍යවරයෙකුගේ බෑණා කෙනෙක්ට  අයත් එකක් බව පැවසේ. හිටපු ජනාධිපතිවරයා මෙම නිවස ලබාගෙන ඇත්තේ මාසික කුලී පදනම මත වන අතර, ඒ සඳහා අදාළ ගිවිසුම් ද අත්සන් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, කොළඹ පදිංචියට පැමිණිය ද දින කිහිපයක් තංගල්ල, කාල්ටන් නිවසේ ගත කිරීමට ද හිටපු ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් පසුවෙයි.

4 Comments

  1. මෙතුමා රටට ඉතා ලොකු සේවයක් කලා. නමුත් මේවා අනවශ්‍ය රගපෑම්. මෙවැනි රගපෑම් වලින් වෙන්නේ කීර්තිනාමයට කැලලක් වෙන එකයි. කවුම මෙහෙම උපදෙස් දෙන්නේ?

    ReplyDelete
    Replies
    1. රටට කල මහා සේවයට ඒ මිනිහට මේ ආණ්ඩුව සහ 8 ලක්ෂ යේ ගොං බුරුලා සැලකූ විඳිය මරු. .අන්තිමේ රටට කිසිම දවසක සිදු උනේ නෑති මහා විනා ස යක් උනා තවදේවල් ඉදිරියට.මහින්ද දේශපාලනය කරනවා ද නැද්ද කියන එක එතුමා ගෙ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය .ප්‍රජාතන්ත්‍රවාද යට විරුද්ධ මිනිස්සු පමන යි මේ විදියට අදහස් කියන්නේ.මහින්ද උඹලාගේ ඔය බොරු කයියනායක ට වඩා ලක්ෂ වා ර යක් වටිනවා

      Delete
  2. සෑම මනුස්සයෙකු අතින් වැරදීම් වෙනවා. මෙතුමගේ කාලයන් වලදී අනීතික දේවල් සිදු උනා. ඒත් එම කාලයන් වලදී සිදු කරපු අතිමහත් විශාල සංවිධානයන්, ආර්තිකය ශක්තිමත්ව පවත්වාගෙන යාම සිදු කලා. එම සංවර්ධන කටයුතු වලින් අදටත් ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා.

    එතුමා සියලු දෙනාම එකතු කරගෙන කුරිරු යුද්දය අවසන් කලා. මිනිසුන් අද නිදහසේ හුස්ම ගන්නවා.

    ගරු හිටපු ජනාධිපතිතුමනි නීරෝගිමත් භාවය වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤ 🙏🙏🙏🙏

    ReplyDelete
Previous Post Next Post