මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවිය අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට විරුද්දවාදීන්ගේ කුමන්ත‍්‍රණයක්..- අධ්‍යාපන ලේකම්

 


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දීමට නියමිත හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමයක් ඇතුළත් වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක ළුවැව මහතා අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලේකම්වරයා කියා සිටියේ හයවන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇතුළත් නොවිය යුතු වෙබ් අඩවියක නමක් ඇතුළත් වී ඇති බවට අමාත්‍යාංශය මගින් සිදු කළ අභ්‍යන්තර පරීක්ෂණයකදී තහවුරු වී ඇති බවයි. 

මෙය කිසිසේත්ම සිදු නොවිය යුත්තක් බවත්, ඒ පිළිබඳව දැනටමත් නිල නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

මෙම සිදුවීම හුදු අත්වැරදීමකට වඩා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අපකීර්තියට පත් කිරීම සඳහා සිදු කළ කුමන්ත්‍රණයක් දැයි තමන්ට සාධාරණ සැකයක් පවතින බව ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය. 

පසුගිය කාලය පුරාවටම විවිධ පාර්ශ්වයන් විසින් මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පදනම් විරහිත චෝදනා එල්ල කළ බවත්, එම චෝදනා සනාථ කිරීම සඳහා යම් පාර්ශ්වයක් විසින් මෙය සිතාමතා සිදු කළේද යන්න සොයා බැලිය යුතු බවත් ඔහු පැවසීය.

"මෙය දීර්ඝ ක්‍රියාවලියක්. මොඩියුල සම්පාදනය කිරීම, පරීක්ෂා කිරීම සහ මුද්‍රණය කිරීම පියවර ගණනාවකින් සිදුවෙනවා. ඒ සියලු පියවර මඟහැරී අවසාන මුද්‍රණය දක්වා මෙය පැමිණීම ගැන අපට සැකයක් තිබෙනවා," යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලේකම්වරයා පෙන්වා දුන්නේ මොඩියුල සකස් කිරීමේ වගකීම ජාතික අධ්‍යාපන ආයතනය සතු වන අතර, එහිදී සිදුවූ අතපසුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත්, අමාත්‍යාංශයේ සීමාවෙන් ඔබ්බට ගිය යම් බාහිර බලපෑමක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් මෙහි තිබේදැයි සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහාය ඉල්ලා සිටි බව ඔහු පැවසීය.

මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ මොඩියුල 106ක් පමණ මුද්‍රණය කර ඇති අතර, විශාල කණ්ඩායමක් මේ සඳහා දායක වී ඇත. මෙම මොඩියුල 2024 වසරට පෙර ලියැවුණු ඒවා වුවද, 2025 වර්ෂය සඳහා නැවත සංස්කරණය කර අලුතින් ඇතුළත් කළ යුතු කොටස් ඇතුළත් කර ඇත්තේ මෑතකදීය. 

මෙම ගැටලුකාරී වෙබ් අඩවි නාමය හඳුනාගත හැක්කේ ඒ පිළිබඳ දැනුමක් ඇති අයෙකුට පමණක් බවත්, අවසාන මුද්‍රණයට පෙර සිදු කළ පරීක්ෂාවලදී මෙය අනාවරණය කරගත් බවත් ලේකම්වරයා පැවසීය.

සිදුවූ වරද වසන් කිරීමට කටයුතු නොකරන බවත්, අගෝස්තු මාසයේ සිට ගුරු පුහුණු කටයුතු සඳහා භාවිත කර ඇති මෙම මොඩියුලවල පවතින දෝෂ නිවැරදි කිරීමට වහාම පියවර ගන්නා බවත් ඔහු වැඩිදුරටත් සහතික විය.

10 Comments

  1. අන්න ඒකනෙ.......

    ReplyDelete
  2. මෙම මොඩියුල 2024 වසරට පෙර ලියැවුණු ඒවා වුවද, ......

    ReplyDelete
  3. Ane huke nannane.. Janadipathiyata hari haman family ekak naha, Agamathi mala wikara lesbian , eki Hindu college eke notorois ekale, kellek penna baha.. anith un mokkuda manda...

    ReplyDelete
  4. Go home you idiots. How the hell you all play with education system like this ? Anura & Harini are both have no children no wonder these crazy ignorant government.is playing with our children . People are you all happy with this system change now ?

    ReplyDelete
  5. කාපියව් ග්උෟ

    ReplyDelete
  6. දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, අපේ බදු මුදල් වලින් යැපෙන පාහර බල්ලෝ 😡🤮 කරන තරමක් අසමජ්ජාති වැඩ කරලා වැරදුනාම ඒවායේ වගකීම තව කෙනෙක් පිට පටවලා බේරෙන්න උත්සාහ කරනවා. තොපි හැමෝටම ස්වභාවධර්මය නිසි දඬුවම් ඉතා ඉක්මණින් ලබාදේවි 😡

    ReplyDelete
  7. තොපිලා වගේ නිවට ලේකම් ලා මොනවටද ?
    පාපිසි කෑලි නේ.. පොත් ටික පාඩම්කරලා විභාග පාස් උනාට මොල හිස්. තනිකර ඩමි.
    හිඟන නිවටයො.. ගෙදර ඉන්නෙත් නෝන්ජලයෙක් වගේ. වට පිටේ අය දන්නවා හොඳටම.

    ඉස්කෝලෙ යනකාලෙත්, එහෙමයි. මේ යකාට කිසිම වැඩක් බැහැ. කට පාඩම් කරල සහතික ටික ගත්ත විතරයි.
    අපේ දරුවන්ගෙ දෙමාපියො උඹලට සාප කරනවා, පවුල් පිටින් විනාශ වෙනවා.

    ReplyDelete
  8. මගෙ අමුඩෙ රිව්ව එකා අහු උනොත් අඬු කඩනවා ඕකාගෙ..😂😂

    ReplyDelete
Previous Post Next Post