එළවළු ආනයනය කරන්න සූදානම්..

 


සුළි කුණාටුව දඩමීමා කර ගනිමින් ආණ්ඩුව එළවළු ආනයනය කිරීමට සූක්ෂම ලෙස කටයුතු කරමින් සිටින බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ලීක්ස්, කැරට්, බෝංචි වැනි උඩරට එළවළු මෙලෙස ආනයනය කිරීමේ සැලසුමක් පිළිබඳව තොරතුරු වාර්තා වන බව කී සභාපතිවරයා ලොකු ලූනු ගොවියාට අත් කළ ඉරණම එළවළු ගොවියාට අත් කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකස් කරමින් සිටින බවට චෝදනා කරයි.

දිට්වා සුළි කුණාටුවෙන් එළවළු වගාවට යම් බලපෑමක් වූ නමුත් මෙවර ඉහළම අස්වැන්නක් ලැබෙන බවත් නුවරඑළිය, බදුල්ල, මාතලේ, කල්පිටිය, නොරොච්චෝලේ ප්‍රදේශවල එළවළු වගාව ඉහළ අගයක පැවැති බවත් සභාපතිවරයා පැවැසීය.

නිමල් ගුණතිලක

4 Comments

  1. උබල හදන්නේ මිනිස්සුන්ගේ රීරි මාංශ උරා බොන්න, වැඩි දුර යන්න එපා ඉන්දියාවෙ මිල ගනන් සසදා බලපල්ල වැඩිම උනොත් ලංකාවේ සල්ලි වලින් රුපියල් 150. උබලට තමයි හැමදාම මොනව හරි කතන්දර. රටින් ගේන එකම තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. තව නයවෙලා ඉම්පෝට් කරමූ. කොමිස් හොඳයි නේ

      Delete
  2. කොහොමත් ගිනි කන ගොවියො සහ අතරමැදියො ටික නැති කොරල දාන්න ඕන

    ReplyDelete
  3. මේ ආණ්ඩුව සිටින බොහෝ මන්ත්‍රීල සහ ඇමතිලා සාමාන්‍ය පවුල් වල අය. මේ විදියට දුප්පත් මිනිස්සුන්ගේ මුදල් මංකොල්ල කන්න ඉඩ අරිනව කියන්නේ කැත වැඩක්..එළවලු හිගයි කියල පස් ගුණයකින් මිල වැඩි කරනව කියන්නෙ බලූ වැඩ. හිගනම් පොඩි ගානක් වැඩි කරල විකුණල ඉවර කරපල්ලා.

    ReplyDelete
Previous Post Next Post