අනුරලට ආණ්ඩු කරන්න පරිචයක් නෑ.. නිතරම කිච වෙන්නේ ඒකයි.. ජනතා කැමත්ත නිසා කරන්න දෙයක් නෑ..- නිර්මාල්


ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වන විට ආණ්ඩු කිරිම සඳහා පරිචයක් තිබූ පිරිසක් නොවන නිසා ඔවුන් කිච වීම තේරුම් ගැනීම දුෂ්කර දෙයක් නොවන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

තම අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

"ආණ්ඩුව බොහොම කිච වෙන එක බවක් තමයි පේන්නේ. ඒක තේරුම් ගැනීමට දුෂ්කර දේකුත් නෙමෙයි. අපි දැනගතයුතුයි මේ ආණ්ඩුව බලයට පත්වන විට මේ ආණ්ඩුව කරන අය ආණ්ඩුකරණය සඳහා එතරම් පරිචයක් තිබුණ අය නෙමෙයි. 

මේ ආණ්ඩුවට රාජ්‍ය බලය ලැබීම අහඹු තත්ත්වයක්. ඒ අය ආණ්ඩු බලය ලබා ගන්න සූදානමින් සිටියෙත් නෑ. 

අවුරුදු දෙක තුනකට කලින් එයාලත් හිතුවේ නෑ, ඉක්මනින් ආණ්ඩු බලය ලැබෙයි කියලා. 2023 වගේ කාලේ තමයි ඒ අය ටිකක් සූදානම් වුණ බව පේන්නේ. 

ආණ්ඩුකරණය සඳහා විශාල සූදානමක් තිබුණේ නෑ. ඒ අය දැන් ආණ්ඩුකරණය ඉගෙන ගන්නවා. 

කෙනෙක් අහන්න පුළුවන් මහජනයා සමග එහෙම අත්හදා බැලීම් කරන්න පුළුවන් ද කියලා. කරන්න දෙයක් නෑ. මහජනයා ඒ අය තෝරාගත්තා. ඒක මහජන තීන්දුව."

විශේෂයෙන්ම අසෝක රන්වල සහ රංජන් ජයලාල් වැනි පුද්ගලයන් සම්බන්ධ සිදුවීම් මෙන්ම ආපදා කළමනාකරණය වැනි කරුණුවලදී ආණ්ඩුවේ දේශපාලන කළමනාකරණයේ පවතින දුර්වලතාවය ඉතා පැහැදිලිව හෙළිදරව් වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

 මෙම තත්ත්වය ආණ්ඩුවට ලැබුණු "කල්තියා අනතුරු ඇඟවීමක්" ලෙස සැලකිය හැකි අතර, ආණ්ඩුව බාහිරින් එන විවේචන දෙස ස්වයං විවේචනාත්මකව බැලිය යුතු බව ඔහු අවධාරණය කරයි.

ආණ්ඩුකරණය සඳහා වූ සූදානම සහ අත්දැකීම් මෙම ආණ්ඩුවට රාජ්‍ය බලය ලැබීම එක්තරා ආකාරයක "අහඹු තත්ත්වයක්" ලෙස දේවසිරි මහතා හඳුන්වයි. මාලිමාව බලයට පත්වීමට වසර දෙක තුනකට පෙර පවා ඔවුන්ට මෙතරම් ඉක්මනින් ආණ්ඩු බලය ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවක් හෝ ඒ සඳහා විධිමත් සූදානමක් තිබූ බවක් නොපෙනෙන බවත් පැරණි, අත්දැකීම් සහිත දේශපාලනඥයන් මහජනයා විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම නව පිරිසට අවස්ථාව හිමි වූ නමුත්, ඔවුන්ට ආණ්ඩුකරණය පිළිබඳ පූර්ව පුහුණුවක් නොතිබූ බවත් හෙ‌තෙම කියයි.

ආණ්ඩුවිරෝධී කතිකාව නිර්මාණය වීම දැනට පවතින ආණ්ඩුවිරෝධී කතිකාව හුදෙක් මහජනයා තුළ ස්වයංසිද්ධව ඇති වූ කලකිරීමක්ම නොව, එය සැලසුම් සහගත දේශපාලන ව්‍යාපෘතියක් බව දේවසිරි මහතාගේ අදහසයි.  

ආණ්ඩුවේ සහ සහයෝගී කණ්ඩායම්වල මැදිහත්වීම ආණ්ඩුව සහ එයට නිල වශයෙන් සම්බන්ධ පිරිස් මෙම විවේචනාත්මක කතිකාව විසංයෝජනය කිරීමට දක්වන දායකත්වය ප්‍රමාණවත් නොවන බව දේවසිරි මහතා පවසයි,. ඔවුන් තවමත් ක්‍රියා කරන්නේ පැරණි "කාඩර්" මානසිකත්වයකින් මිස වර්තමානයට ගැලපෙන "ස්මාර්ට්" ආකාරයකින් නොවන බව ඔහුගේ විවේචනයයි.



8 Comments

  1. Yoo late when realized

    ReplyDelete
    Replies
    1. ගිලෙන නැවෙන් මීයෝ පනින එක ස්වාභාවිකයි. ගොයියා ටයි එක මාරු කරන ගමන් ඉන්නේ.

      Delete
  2. මගේ රටට දළදා හිමි සෙවණයි..
    මගේ දැයට දළදා හිමි සරණයි..
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි...

    මගේ රටට දළදා හිමි සෙවණයි..
    මගේ දැයට දළදා හිමි සරණයි..
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි...

    ReplyDelete
  3. ජනතා කැමැත්ත වැඩි පැත්ත ආණ්ඩුව. අනික් උන්ට පාණ්ඩුව

    ReplyDelete
    Replies
    1. මුගේ සීනේ ඌට දකින්න ඉඩ අරින්න, උගෙ සීනෙන් ඌ මුදන්න ලං නොවන්න

      Delete
  4. රටට කෙළ වෙනකං බලන් ඉන්න උන් තමයි වැඩි.

    ReplyDelete
    Replies
    1. රටට කෙලවන එවුන් තමයි.........

      Delete
  5. Kicha weema echchara ganan ganna oney neha. Budu baneth thiyenne 'thummehi kichcha aathappam' kiyalane.

    ReplyDelete
Previous Post Next Post