සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ නායයෑම් හා ගංවතුර නිසා රටට වූ හානිය මුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ත් 2ත් අතර එනම් රුපියල් බිලියන 450ත් 600ත් අතර ප්‍රමාණයක් වේ යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි.
ආර්ථික ප්‍රතිවිපාක වශයෙන් විශේෂයෙන් සමස්ත ආර්ථිකයට ඇති විය හැකි බලපෑම ලෙස නිෂ්පාදන පහළ වැටෙනු ඇතැයි ද උද්ධමනය කෙටි කාලීනව ඇති වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි. නමුත් එකී උද්ධමනය එක් කන්නයකදී අවසන් වනු ඇතැයි ද ඔහු කියයි.
රාජ්‍ය මූල්‍යයට බරක් ඇතිවන බවත් යටිතල පහසුකම් ඇති කිරීමේ දී මෙම වැය බර දරන්නට සිදුවනු ඇති බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.
විශේෂයෙන් මහා මාර්ග, වැව් අමුණු හා ජලාශ, විදුලිය දුරකථන හා සන්නිවේදන යටිතල පහසුකම් ආදිය මෙහි දී ඉක්මනින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් හෙතෙම සඳහන් කරයි.
කෙසේ වෙතත් සමහරුන් පෙන්වා දෙන පරිදි මෙම හානිය සුනාමියේ හානියට වඩා වැඩි යැයි කීම පිළිගත නොහැකි බවද ඔහුගේ මතය වී තිබේ.

මේ දවස් දෙක තුනට කොහොමද කවුද ගණන් බැලුවේ?
ReplyDeleteබංකුවක් අරන් එන්න කියලා දෙන්න
Deleteමේ මොන කැරියෙක් ද
ReplyDeletePronto with DHL
Delete