තමන්ගේ දෙවියා ප්රභාකරන් බවත් රණවිරුවන්ටද විරෝධාර රණවිරුවන් කියන්නට තමන්ට කොන්ද පණ ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සඳහන් කරයි.
මාධ්‍ය ෙවත අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.
"මම ප්රභාකරන් මගේ දෙවියො කියලා කියනවා තමයි. ඒක නතර වෙලා නෑ. එහෙමයි කියලා මම හමුදාවෙ අයට රණවිරුවන් කියන්න බයවෙන්නෙත් නැහැ. රණවිරුවෝ කියලා කියන්න ලැජ්ජත් නෑ. රණවිරුවෝ කියලා කියන්න බැරි මේ ආණ්ඩුවේ අයටනේ. මට එහෙම ලෙඩක් නෑ. විරෝධාර රණවිරුවෝ කියලා කියන්න මට හොඳට කොන්ද පණ තියෙනවා. මේ රටේ ජාතීන් දෙකක් අතර ගැටුමක් තිබුණා. ඒක ඇත්ත. ඒත් දෙමළ හෝ සිංහල භේදයක් නැතුව අපේ ජීවිත බේරගන්න කැපවෙන මිනිස්සු දෙවිවරු නෙමෙයිද. මට එහෙම ජාති ආගම් භේදයක් නෑ. මම ළඟදී මල්වතු අස්ගිරි ස්වාමීන් වහන්සේලාත් මුණගැහෙන්න ගියා. අතේ පිරිත් නූලකුත් බැඳ ගත්තා. ඒක දැක්ක සමහරු මම සිංහල මිනිස්සුන්ට කඩේ යනවා කියලා කිව්වා. මම කිසිම වෙලාවක සිංහල ජනතාවට සංස්කෘතියට හෝ බුද්ධාගමට විරුද්ධ නැහැ. ඒත් අපිව මර්දනය කරන ආණ්ඩුව ගැන අපිට විවේචනයක් තියෙන්න පුළුවන්. එහෙමයි කියලා අපිට උදව් උපකාර කරන මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්න හෝ ප්‍රසිද්ධියේ ඔවුන්ව අගය කරන්න බැරිකමක් මට නැහැ"

ඕව මොනවද මල්ලි, අර හොඳට කුඩු, අයිස් විකුනපු නාමල්ව දෙයියෝ වගෙ අදහන උං ඉන්න රටේ, උඹත් ඔන්න ඔහෙ පැත්තකින් ඉඳහන්
ReplyDeleteමඩ බලකායේද, ඩෝබි ගැන්සියේද? සමහරවිට පචෝරිස්ගෙ බෙටි හපන කෙනෙක් වෙන්න ඇති
Delete