‘රන්වල බීලාද.. නැද්ද..’ වරද OIC ට ... සපුගස්කන්ද OIC ගැන පොලිසියෙන් පරීක්‍ෂණයක්..


සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පොලිසිය විසින් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා විසින් පැදවූ වාහනයකින් සිදු වූ රිය අනතුර ගැන නීතිය ක්‍රියාත්මක කල ආකාරය ගැන සොයා බැලීම සඳහායි.

අනතුරින් පසු රෝහල්ගත වූ ඒ මහතා රෝහලේදී පොලිස් අත්අඩංගුවට ගෙන පසුව විනිසුරුවරයා රෝහලට ගොස් ඇපමත මුදාහැර ඇත.

මේ වන තෙක් ඔහුගේ ඔහුගේ බීමතින් සිටියේ දැයි පරීක්ෂණයක් මගින් අනාවරණය කරන ගැනීමට නොහැකිව ඇත. 

පොලිසිය සඳහන් කරන්නේ ඒ සඳහා සිදු කරන ලද පරීක්ෂණයේ වාර්තා මෙතෙක් ලැබී නැති බවයි.

අදාළ අනතුරින් පසු සත්මස් බිළිඳකු ඇතුළු තිදෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මේ වන විට බිලිඳාගේ මව රෝහලින් පිටව ගොස් ඇති අතර අශෝක රන්වල මහතා අනතුරින් පසු රෝහල් තුනක ඇතුළු වී ප්‍රතිකාර ලබාගෙන තිබේ.

අනතුරට පත් පාර්ශවයේ විසින් චෝදනා කරන්නේ අශෝක රන්වල මහතා ඒ මොහොතේ බීමතින් සිටි බවයි.

නමුත් ඔහු බීමතින් සිටියේදැයි හෙළිකර ගැනීමට සිදු කරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵල මෙතෙක් ලැබී නැත.

3 Comments

  1. මෙම පරීක්ෂණය සඳහා කැකිල්ලේ රජතුමාගේ සහය ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

    ReplyDelete
  2. හුත්තරීතර තාක්සනික දෝසය එන විදියට නඩු ගොනු කරන තක්කඩි පොන්න පොලිස් වේස බල්ල්න්ට වැරදි කාරයාට ලැබෙන්න තිබුන දඬුවම ලබාදන විදියට නීතිය වෙනස් කරපන් භල්ලනි.

    ReplyDelete
  3. මුන් ළග තමයි ලොකුම බොරුව තියෙන්නෙ. ඉස්සර ආණ්ඩු හොරු වුනත් රටට වැඩක් කරා. මේ කාලකන්නි මූසල හැත්ත strike කර කර ඉදලා බොරු කියලා රටම විනාශයට දැම්මා. රට තුල අරගලය ඇති කරාට සහ මුන්ට සහය දීපු ඔක්කොම එවුන්ට සාපම වෙන්න ඕනා.

    ReplyDelete
Previous Post Next Post