වාර්තා වන ආකාරයට, රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා විසින් අධිකරණ වෛද්‍ය නිලධාරිනියට පහර දීමට තැත් කිරීමක් සිදුව ඇතැයි එම පැමිණිල්ලේ දැක්වේ.
මෙම සිද්ධියට මුල් වී ඇත්තේ මෘත දේහයක් සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක සාකච්ඡාවකි.
අධිකරණ වෛද්‍ය නිලධාරිනිය පෙන්වා දී ඇත්තේ අධිකරණ නියෝගයක් නොමැතිව මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නොහැකි බවයි.
මෙම දැනුම් දීම හමුවේ වෛද්‍ය අධිකාරීවරයා කෝප වූ බවත්, ඔහු විසින් තමාට බැණ වදිමින් ශාරීරිකව පහර දීමට තැත් කළ බවත් ඇය පොලිසියට දැනුම් දී තිබේ.
අදාළ සිදුවීම වන අවස්ථාවේදී වෛද්‍ය අධිකාරීවරයා මත්පැන් පානය කර සිටි බවට ද ඇය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත.
එසේම, එම අවස්ථාවේදීම මහියංගණ පොලිස් ස්ථානාධිපතිවරයා ද එම පරිශ්‍රයේ සිටි බවට තොරතුරු වාර්තා වේ.
මෙම අවස්ථාව වන විටත් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් ආපදාවලින් මිය ගිය පුද්ගලයන් දොළොස් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නිමවා තිබුණි.
මෙම පැමිණිල්ල මුල් අවස්ථාවේ සටහන් කර ගැනීමට මහියංගන පොලිසිය අදි මදි මැදි කළ නමුත් ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියකුට සිදුවීම පැමිණිලි කිරීමෙන් පසු මහියංගන පොලීසිය නැවත වතාවක් එම පැමිණිල්ල සටහන් කර ගත් බවද වෛද්‍යවරිය සඳහන් කරයි.

ජෙපි සංස්කෘතිය සමාජය ගිල ගනිමින්
ReplyDeleteExactly correct. Result of stupidity of maalimaa/JVP appointed henchaiyas. Does not know the legal requirements of work/profession.
DeleteLast 3 decades JVP destroyed the Sri Lanka. Now Maalima/JVP working together to destring Sri Lanka appointing, the lack or absence of knowledge guys. In Sri Lanka any political party never ever done the this much stupid work with in very short time. Pelawatta doobies are thinking they can wash & clean all their work.
ReplyDelete