ගල් අගුරු බාල බව විදුලි උත්පාදන වාර්තා පෙන්වයි.. දැනට 100MW අඩුයි..

 


මෙරටට ගෙන්වන ලද තෙවන ගල්අඟුරු තොගය ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට සැපයිය හැකි විදුලි ධාරිතාව බරපතල ලෙස පහත වැටී ඇති බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රලපනාව මහතා පවසයි.

දත්ත වාර්තා උපුටා දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ගල්අඟුරු බලාගාර ත්‍රිත්වයම ක්‍රියාත්මක වන විට මෙගාවොට් 810ක ජනනයක් සිදුවිය යුතු වුවත්, මෙම බාල ගල්අඟුරු භාවිතය හේතුවෙන් දැනට ජනනය කළ හැක්කේ මෙගාවොට් 710ක උපරිම ධාරිතාවක් පමණක් බවයි.

මේ හේතුවෙන් අහිමි වන මෙගාවොට් 100ක විදුලි ධාරිතාව පිරවීම සඳහා අධික පිරිවැයක් දරමින් ඛනිජ තෙල් භාවිතා කරමින් විදුලිය නිපදවීමට සිදුවන බව ආචාර්ය රලපනාව මහතා සඳහන් කරයි. දිවා කාලයේදී වහල මත සවිකළ සූර්ය පැනල පද්ධති මඟින් ජනනය වන විදුලිය හේතුවෙන් විදුලිබල මණ්ඩලය යම් සහනයක් ලැබුවද, වැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයා මෙම අමතර පිරිවැය දැරිය යුත්තේ ඇයිද යන්න ඔහු ප්‍රශ්න කරයි.

නව විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳවද අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, නව විදුලි උත්පාදන සමාගම පිහිටුවීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රමාවීම විදුලිබල මණ්ඩලයේ වාසනාවට සිදුවූවක් බවයි. යම් හෙයකින් එම සමාගම දැනටමත් ක්‍රියාත්මක වූයේ නම්, මෙවැනි අකාර්යක්ෂම මිලදී ගැනීම් සහ පාඩු ලැබීම් හමුවේ පළමු වසර තුළදීම එය බංකොලොත් වීමට ඉඩ තිබූ බව හෙතෙම අවධාරණය කරයි.

මෙම තත්ත්වය කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, අත්තනෝමතික හා දුර්වල ප්‍රසම්පාදන පිළිවෙත් හේතුවෙන් සිදුවන මෙම අලාභය සම්බන්ධයෙන් බලධාරීන් වහාම වගවිය යුතු බවත් ආචාර්ය විදුර රලපනාව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

4 Comments

  1. හොරු කව්ද?

    ReplyDelete
    Replies
    1. මාලිමාවේ හොරුන්ගෙත් හොරුJanuary 23, 2026 at 6:34 AM

      දැනට ඉන්න විදුලි ඇමති පරයා. ඒ පාහරයා හිතාමතාම සූර්ය බල පද්ධති වල ගාන රුපියල් 19ට අඩු කරා. දැන් සූර්ය බල පද්ධති ලංකාවේ ගහන්නේ ඉලෙක්ට්‍රික් වාහන ගත්තු මිනිස්සු විතරයි. ඒ රුපියල් 101ට ඩීසල් බලාගාර වලින් යුනිට් එකක් ගන්න පුලුවන් නිසා. කොමිස් කාක්කෙක් ඔය පරයා.

      Delete
    2. ජනාධිපතියාත්, නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දුත්, බලක්ශක්ති හොර ඇමතියත්, මොර‍ටුවේ ලක්ශයක් මරලා හරි බලේ ඉන්න පාදඩයත් කියන සෙට් එකම එකතු වෙලා දෙන ගේමක් මේක. ලංකාවේ මෝඩ 68 ලක්ශේ එකතු වෙලා රට අවුරුදු 15ක් විතර ආපස්සට ගෙනිච්චා.

      Delete
  2. ANURA THAMAI HONDATAMA KORANNE

    ReplyDelete
Previous Post Next Post