Rebuild Sri Lanka වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආපදාවලින් පූර්ණ හානි සිදු වූ නිවාස වෙනුවෙන් වන්දි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රිදීගම, දොඩම්ගස්ලන්ද යොවුන් සේනංක මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මෑතකාලීන ආපදා තත්ත්වයන් හේතුවෙන් මෙරට ආර්ථිකයට ඩොලර් බිලියන 4.1ක දැවැන්ත හානියක් සිදුව ඇති බවයි.
වසරක් තුළ නිවාස 31,000ක් ඉදිකිරීමේ මුල් සැලසුමක් තිබුණද, ආපදා තත්ත්වය සහ අනාරක්ෂිත ස්ථානවල සිටින ජනතාව යළි පදිංචි කිරීමේ අවශ්‍යතාව මත මෙම වසරේදී නිවාස 50,000කට වඩා ඉදිකිරීමට රජයට සිදු වන බව හෙතෙම පැවසීය.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආපදාවට ලක් වූ නිවසක් අලුතින් ඉදිකර ගැනීම සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී අනාවරණය කළේය.
මෙම මුදල අදියර තුනක් යටතේ ලබාදෙන අතර, මුලින් රුපියල් ලක්ෂ 20ක්ද, ඉන්පසු ලක්ෂ 15ක් සහ තවත් ලක්ෂ 15ක් වශයෙන් මුදල් ලබා දීමට සැලසුම් කර ඇත.
රටේ පවතින අධ්‍යාපන ක්‍රමය දෙමාපියන්ට බරක් සහ දරුවන්ට පීඩාවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, සිසුන් 50ට වඩා අඩු පාසල් 1,150ක් පමණ මෙරට පවතින බවත් එම දරුවන්ට නිසි සමාජීය අත්දැකීම් ලැබීමට නව පාසල් පද්ධතියක් අවශ්‍ය බවත් අවධාරණය කළේය.
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
"‘මේ අධ්‍යාපන ක්‍රමය අපේ දෙමව්පියන්ට බරක්. දරුවන්ට දුකක්. ලංකාවේ පාසල් 1150ක් විතර තියෙනවා ළමයි පනහට වඩා අඩුයි. අපේ හාමුදුරුවනේ ළමයි පනහට වඩා අඩු පාසල පාසලක් වෙනවද. සාහිත්‍ය උත්සවයක් තියන්න පුළුවන්ද ක්‍රීඩා උත්සවයක් තියන්න පුළුවන්ද. ඒ පාසල් ගැණත් අපි කල්පනා කරන්න ඕනි. ඒ පාසලෙන් ඒ දරුවන්ට වැඩක් නෑ. අලුත් පාසල් පද්ධතියකට අපි යන්න ඕනෑ. පැරණි පාසල ගමේ පාසල කියා රැකගෙනම වැඩක් නෑ’
මේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් හදන්න හදනකොට, පොතකවත් විෂයකවත් නැති දේවල් මාධ්‍ය හරහා කියන්න පටන් අරන් තියෙනවා. නිදහස් අධ්‍යාපන පනත ගේනකොටත් ඔය වගේම විරුද්ධ වුණා. අපි හදන්නේ මැෂින් වැනි දරුවන් නෙවෙයි, පෞරුෂයක් සහ නායකත්වයක් සහිත, මානුෂීය ගුණාංග පිරි දරුවන් පිරිසක්."
තමන් වැනි සාමාන්‍ය ගම්වල ඉපදුණු මිනිසුන්ට තනතුරුවලට ඒමට පාර කැපුවේ අධ්‍යාපනය බවත්, එබැවින් කිසිසේත්ම අධ්‍යාපනය විනාශ කිරීමට තමන් කටයුතු නොකරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සහතික විය.

වහපන් ගමිවල තියන පොඩි ඉස්කෝල ඔක්කොම. ඊට පස්සේ විනාස කරපිය රටේ අනාගතය. කාලකන්නි ලපයා.
ReplyDeleteදේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, අඩු කුලේ පාහර බල්ලා. බොරු කියලා බත් කන හරක්ව රවටලා බලේට ඇවිත් මූ ඇතුළු මුගේ හොර නඩය අපේ බදු මුදල් වලින් සුර සැප විඳිමින් තව දුරටත් බොරුවෙන්ම රජ කරමින් අපේ රට, දැය, සමය වනසනවා තව දුරටත් ඉවසා සිටීමට සිදුවීමත් මුන් කෝචෝක් එකට අරගෙන 😡🤮 කරන තරමක් අසමජ්ජාති වැඩ කරලා වැරදුනාම ඒවායේ වගකීම තව කෙනෙක් පිට පටවලා බේරෙන්න උත්සාහ කරනවා. තොපි හැමෝටම ස්වභාවධර්මය නිසි දඬුවම් ඉතා ඉක්මණින් ලබාදේවි 😡
ReplyDeleteYako eka thma kewe nodanna yakata wediya danna eka hodai kiyala
ReplyDeleteරටේ අවාසනාවට අනුර කුමාර මන්ත්‍රී තුමා ජනාධිපති නොවුනෙ.
ReplyDeleteඑතුමා ජනාධිපති කළොත් කිලෝමීටර තුනෙන් තුනට පාසල් හදනවා කියල පොරොන්දු උනා.
දැන් ඉන්න පගයල කිලෝමීටර් තුනෙන් තුනට හදන්න යන්නෙ කක්කුස්සි.