බාල ගල්අගුරු නිසා විදුලි ගාස්තු 15-20%කින් ඉහලට..?


ප‍්‍රමිතියෙන් බාල ගල් අඟුරු හේතුවෙන් විදුලි ගාස්තු 15-20%කින් ඉහල දැමීමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසුවේය.

ගල් අඟුරු නිසි ප්‍රමිතියට වඩා අඩු වීම තුළින් නිපදවිය හැකි විදුලි ධාරිතාව අඩු වෙනවා. මේක කෙනෙක්ටම තේරෙන සරල කාරණාවක්. මෙවැනි තත්ත්වයක් තුළින් විදුලි නිෂ්පාදනයට ඍජු බලපෑමක් ඇති වෙනවා වගේම මූල්‍යම වශයෙනුත් ගැටලු මතුවෙනවා. 

උදාහරණයක් ලෙස, සාමාන්‍යයෙන් ගල් අඟුරු කිලෝග්‍රෑම් දහයකින් නිපදවිය හැකි විදුලි ධාරිතාවක් තියෙනවා. ඒත් දැනට ආනයනය කර තිබෙන ගල් අඟුරු භාවිත කළොත් සාමාන්‍යයෙන් සියයට විස්සක් පමණ අඩුවෙන් තමයි විදුලිය නිෂ්පාදනය වෙන්නේ. 

මේ ආනයනය කළ ගල් අඟුරු තත්ත්වයෙන් බාල බව සියලු දෙනාම පිළිගන්නවා. 

මේ ගැටලුව නිසා විශාල අලාභයක් වෙනවා. අවසානයේ ඒ සියලුම බර පැටවෙන්නේ මහජනතාවගේ කර මතටයි. ඒ කියන්නෙ විදුලි පාරිභෝගිකයන්ටයි.

ජනවාරි සිට මාර්තු දක්වා කාලය සඳහා විදුලි බිල වැඩි කිරීමට විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගල් අඟුරු ගැටලුව නිසා ඇතිවන අතිරේක පාඩුව අවම කරගැනීම සඳහා විදුලි බිල තවත් සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයකින් වැඩිවීමට ඉඩකඩ තියෙනවා.

2 Comments

  1. පුනරුදයද? පුකරුදයද?

    ReplyDelete
  2. Hema awuruddema payana kaledi me boruwa CEB eken karanawa

    Disel balagara comission

    ReplyDelete
Previous Post Next Post