අලුත් 2000 මුදල් නෝට්ටුව තැන්පත් කිරිමේ යන්ත්‍ර හා ගණනය කිරිමේ යන්ත්‍ර වලින්වලින් ප‍්‍රතික්‍ෂෙප වේ..


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025.08.28 දින නිකුත් කරන ලද රු.2000 මුදල් නෝට්ටුව ඇතැම් බැංකුවල මුදල් ස්වංක්‍රීය තැම්පත් කිරිමේ යන්ත්‍ර වලින් ප්‍රතික්ෂේප කිරිමෙන් හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයට පත්ව ඇත.

හැටන් ප්‍ර දේශයේ ඇතැම් රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ටේලර් යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනිමේදි නව රු.2000 නෝට්ටුව පැමිණෙන බවත්, එම නව රු.2000 නොට්ටුව තැම්පත් කිරිමට යන්ත්‍රයට ඇතුලත් කිරිමෙදි එම යන්ත්‍රය එම නව රු.2000 ලබා ගැනීම ප්‍රතික්ෂේප කරඅන බවත් ඔවුන් කියති.

 තවද ඇතැම් පෞද්ගලික මුල්‍ය ආයතනවල මුදල් තැම්පත් කරන අවස්ථාවල මුදල් ගණනය කිරිමේ යන්ත්‍රවල පවා නව රු.2000 නෝට්ටුව ප්‍රතික්ෂේප කිරිම හමුවේ එම රු.2000 නොට්ටු අයකැමි විසින් ගණනය කර භාර ගනු ලබයි.

රු.2000 නව නෝට්ටුව ඇතැම් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල මුදල් ලබා ගැනිමේ සහ මුදල් බැර කිරිමේ යන්ත්‍රවල සහ මුදල් ගණනය කිරිමේ යන්ත්‍රවලට යාවත්කාලීන නොකිරිමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින් කියා සිටියි.

- රංජිත් රාජපක්ෂ              

5 Comments

  1. අදර අත්ර අංශභාග පුළුවන් නම් හොයා ගනිල්ලා

    ReplyDelete
  2. ලප ශාපය.

    ReplyDelete
    Replies
    1. Lapaya Pilinogani - Machinuth ekka danawa

      Delete
  3. විපක්ෂයේ කඩාකප්පල්කාරී වැඩක්.

    ReplyDelete
  4. මොන මගුලද හරියට කරේ? ංආ පච කියන එකනම් සුපිරියටම කරා.

    ReplyDelete
Previous Post Next Post