මාලිමා සභාවෙන් 2400ක කසල බද්දක්.. වෙලදසැල් වසා හර්තාල්...

 


නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරිකයන් (06) දින වෙළදසැල් වසා උද්ගෝෂනයක නරත විය.

2025 වසරේ සිට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් මසකට රු.200 බැගින් වාර්ෂිකව රු.2400ක කසල බද්දක් අය කිරිමට තිරණය කර ඇති බවත්, එම මුදල එක්වර වාර්ෂිකව ගෙවන වෙළදසැල්වල පමණක් වෙන් කර දෙන කැලිකසල ප්‍රාදේශීය සභාව මගින් එක්රැස් කරන බවට තමන් වෙත දැනුම් දී ඇති බවයි උද්ගෝෂණයේ නිරතව සිටි බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කියා සිටියේ.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව ආදායම් ලබන ආර්ථික වශයෙන් ශක්තිමත් ප්‍රාදේශීය සභාවක් බවත්, එවැන් ප්‍රාදේශීය සභාවක් මගින් කැලි කසල බද්දක් අය කිරිම අසාධාරණ බවයි උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් නගරයේ පොදු කටයුතු කිහිපයක් සිදු කර ඇති බවත්, එය ප්‍රමාණවත් නොවන බවත්, තමන්ට දැනට නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව මගින් ලබා දෙන පානීය ජලය පවා පිරිපහදු නොකර ලබා දෙන නිසා එම ජලය පානය කිරිමෙන් සෞඛ්‍ය ගැටළු රැසක් මතු වී ඇති බවද උද්ගෝෂණයේ නරත ව්‍යාපාරික ප්‍රජාව කියා සිටියහ.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට අංග සම්පුර්ණ කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයක් තිබෙන බවත්, එම ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානයේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ප්‍රදේශයේ එළවලු ගොවීන්ට සහන දායී මිලකට ලබා දී ආදායම් ලබා ගැනීමට අවස්ථාව තිබියදීත්, නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි ටින්සින්, පුලියාවත්ත, බගවන්තලාව, කැම්පිය , ඇන්ෆීල්ඩ් , සංචිමලේ යන නගරවල ව්‍යාපාරික ප්‍රජාවගෙන් කසල බද්දක් අය කිරිමට ගත් තිරණය හකුලා ගන්නා ලෙසත්, තමන් කිසිසේත් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට කසල බද්දක් ගෙවන්නේ නැති බවයි උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ.

පැයක පමණ කාලයක් වෙළදසැල් වසා උද්ගෝෂණය අවසන් කිරිමෙන් පසු යලිත් බගවන්තලාව නගරයේ ව්‍යාපාරික ස්ථාන විවෘත කරනු ලැබුවා.

අප මේ සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ පළාත් පාලන ආයතනවලට කසල බද්දක් අය කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාවරයා විසින් මීට ප්‍රථම නිකුත් කර තිබූ චක්‍රලේකනයේ සදහන් මුදලට වඩා අඩු මුදලක් කසල බද්ද වශයෙන් අය කිරිමට තීරනය කල බවයි.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාව පවත්වාගෙන යැමට අවශ්‍ය ප්‍රතිපාදන සොයා ගැනීමට මෙම කසල බද්ද අනිවාර්යයෙන් අය කල යුතු බවයි සභාපතිවරයා කියා සිටියේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරකරයා සහ මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්තුමිය දැනුවත් කිරිමට පියවර ගන්නා බවද සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.

3 Comments

  1. රෙදි උස්සාගෙන මාලිමාවට ඡන්දෙ දුන්න තොපිට හොද වැඩේ

    ReplyDelete
  2. අවුරුද්දට 2400 කියන්නේ මොකක්ද? අනෙක වරිපනම් වලට එකතු කරානම් ඉවරනේ.

    ReplyDelete
  3. oba samata "malima- jvp" dobiagema phitayi.... saranayi..... thopita maru wadae... " bolata.. gota,, mahinda, ranila kala wadi wela neda ariye polim mawala hadala? dan puke aragathhda wesa ballo tika.. ohama waren 2029 phottu anduwak awama ayeth api salakannm

    ReplyDelete
Previous Post Next Post