විදුලි ඒකක 30ට අඩුවෙන් භාවිත කරන්නන්ගේ ගාස්තුව 305%කින් ඉහලට..

 


ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත ‘ජාතික විදුලිබල ප්‍රතිපත්තිය’ ක්‍රියාත්මක කළහොත් ඒකක 0 30 අතර විදුලිය පාවිච්චි කරන ජනතාවගේ විදුලි බිල 305% කින් ඉහළ යන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේය.

මාලිමා ආණ්ඩුව විසින් හදනවා කියන ජාතික විදුලි බල ප්‍රතිපත්තියට මහජන අදහස් ලබාගැනීම ජනවාරි 09 වැනිදා අවසන් වුණා. මේකෙදි මේ අය යෝජනා කරනවා 2030 වසර වෙනකොට ඒකක බිංදුවත් තිහක් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ට ලබාදෙන සහනය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න. ඒ කියන්නේ දැනට මෙම කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන් ඒකක 30 ම පාවිච්චි කළාම ඔවුන්ගෙන් ස්ථාවර ගාස්තුව ද සහිතව අය කරන්නේ රුපියල් 215 ක බිලක්. මේ ගානට බිල හැදෙන්නේ දුප්පත්ම ජනතාවක් නියෝජනය කරන මෙම කාණ්ඩයට සහනාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම නිසයි.

දැන් මේ ආණ්ඩුව යෝජිත නව විදුලිබල ප්‍රතිපත්තිය හරහා ක්‍රමයෙන් මෙම සහනාධාරය නැති කරන්න හදනවා. ඒ කියන්නේ 2029 වන විට ඒකක තිහම පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ගෙන් ස්ථාවර ගාස්තුවත් ඇතුළත්ව රු. 870ක් අය කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒකට ගැළපෙන විදියට ඒකක ගාස්තු හා ස්ථාවර ගාස්තු මේ අය ගණනය කරාවි.

අඩුවෙන්ම පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන්ට මේ විදිහට 305 % ක මිල වැඩිවීමක් යෝජනා කළත් ඒකක 300ක් පාවිච්චි කරන අයගේ බිල 38% කින් අඩු කරන්න මේ අය යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ මේ වන විට ඒකක තුන්සියයක් පාවිච්චි කරන අයගේ මාසික බිල්පත රු. 13920යි. මේ අය යෝජනා කරන ක්‍රමය අනුව ඒකක 300 පාවිච්චි කරන අයෙක්ගේ නව බිල වෙන්නේ රුපියල් 8697යි. මාලිමා ආණ්ඩුව ජාතික විදුලිබල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන කොටම මේ විදිහට බිල වෙනස් වෙනවා. ඒ කියන්නේ පොඩි මිනිහට බර පටවලා ලොකු මිනිහගෙ බර අඩු කරනවා. සූරසරදියෙල් කළේ තියෙන මිනිහගෙන් අරගෙන නැති මිනිහට දෙන එක. ඒත් මේ ආණ්ඩුව කරන්නේ නැති මිනිහව හූරං කාලා තියෙන මිනිස්සුන්ට සහන දෙන එක. මේකටද ජනවරම දුන්නේ. ඒකක 30 ට අඩුවෙන් පාවිච්චි කරන විදුලි පාරිභෝගිකයන් ලක්ෂ දහනවයකට වඩා ඉන්නවා. ඒ අය මේ ආණ්ඩුව ගැන තීරණයක් ගන්න.

අනුරාධ හිරිපිටියගේ

1 Comments

  1. රනිල් ප්ලෑන් කරේ 2025 මැද වෙනකොට රටට ආයෝජන ගෙනත් බදු අඩු කරල මිනිස්සුන්ට සහන දෙන්න​. මෝඩ මිනිස්සු කයිතන්ට රැවටුනා. මුන්ට ආර්තිකය දියුණු කරන්න බැහැ, ඒක සහතිකයි. දැන් විඳවපල්ලා.

    ReplyDelete
Previous Post Next Post