ශිරන්ති නමට කෝටි 40ක නිවසක්.. අල්ලස් කොමිසම ප‍්‍රශ්ණ කරන්න යයි...

 


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට මිලදී ගත් බව කියන, කොළඹ 05, ටෙ‌ාරින්ටන් මාවතේ පිහිටි රුපියල් ලක්ෂ 4000ක් (කෝටි 40ක්) පමණ වටිනා නිවසක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.

සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මේ වන විටත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

පැමිණිල්ලට අදාළව කරුණු තහවුරු කර ගැනීම සඳහා කොමිසම විසින් මේ වන විටත් පැමිණිලිකරුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. 

විමර්ශනවල මීළඟ පියවර ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

පැමිණිලිකරු පෙන්වා දෙන්නේ 2001 වසරේ සිට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන තෙක්ම සිය පවුලේ පිරිස සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති බවයි. 

ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, අදාළ නිවස ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට මිලදී ගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

එම නිවස මිලදී ගැනීම සඳහා වැය කළ  අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බැවින්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිලිකරු අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇත.

2 Comments

  1. ඩේසි ආච්චිගේ කකුලේ වැදුන මැනික් මල්ල විකුනලා ගත්තේ හුත්තෝ


    ReplyDelete
  2. සිරිලිය හෙරලිය,
    ලේලිය බෙරලිය...

    ReplyDelete
Previous Post Next Post