අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට මුදල් දෙන බව ADB කියයි.. අගමැති හරිනි නෑ කියයි..


 අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විෂය භාර ඇමතිනි හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසන්නේ අසත්‍ය බව මාධ්‍යවේදී උවිඳු කුරුකුළසුරිය මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම ප්‍රතිසංස්කරණ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 400ක මුදලක් ලබා දෙන බවය.

අදාළ සම්පූර්ණ සටහන මෙසේය.

----

ඇයි ජනාධිපතිතුමනි ඔබේ ආන්ඩුවෙ අගමැතිනිය සහ අධ්‍යාපන ඇමතිනිනිය මහජනයට බොරු කියන්නෙ මෙච්චරම​!!!

මම මේ ගැන කලිනුත් දෙපාරක් ලියල තියෙනව​. ඊයෙ හරිනිගෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ණය ආධාර දෙනවද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියල අහපුවාම නැහැ එහෙම එකක් නැහැ වගේ කතාවක් කියල නවල ගැහැව්ව නේද​! මේ මොනවද තියෙන්නෙ. ගිහින් බලන්න ADB සයිට් එකට​, ඔක්කොම විස්තර 2020දිත් USD මිලියන 400ක් අරන් තියෙනව මේ වැඩේට​. ඒකෙ ටයිම්ලයින් එකට​ තමා මේ වැඩකරන්නෙ. ඒකයි මේ කඩිමුඩිය​. මේ මුදල් අමාත්‍යාංශයෙ වෙබ්සයිට් එකෙත් තියෙන්නෙ. NPP අධ්‍යපන ප්‍රතිසංස්කරනලු මේව! බම්බුව තමා හරිනිගෙ. NPP අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුරුද්දෙන් හදල​, පොතුත්, මොඩියුලුත් ගහල​, ගුරු පුහුණු කරන්න පුහුණුකරුවොත් හදල​, ඒ අය ලවා ගුරුවරු ටිකත් පුහුණුකරල​, ඔක්කොම ඉවරයි. පට්ට වැඩ්ඩො නේද මේ ආණ්ඩුවෙ ඉන්නෙ. අනේ බබෝ බොරු විදින්න එපා මෙතන​. මේ අවුරුදු ගානක ඉඳන් එන ප්‍රොසෙස් එකක්. ගිය අවුරුද්දෙ අයවැයෙන් වෙන්කරපු සල්ලිවත් වියදම් කරගන්න බැරි වෙච්ච "කාර්යයක්‍ෂම ආණ්ඩුවනෙ" මහජනයට මේ පච කෙළින්නෙ.



1 Comments

  1. ඔක්කොම පචයො තමයි

    ReplyDelete
Previous Post Next Post