නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය වසර විෂය නිර්දේශයේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇත්තේ විමසා තේරුම් ගැනීම පිළිබඳ අභ්‍යාසයක් බව අධ්‍යාපන ඇමතිනි අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
වෙබ් අඩවියක නම සඳහන් වුවද එම අඩවියට යන්නැයි කොතැනකවත් කියා නැති බවද ඇය පැවසීය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
අදාළ පොතේ අන්තර්ජාල සබැඳියක් ඇතුළත් වී ඇති බවට තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක වී එම පොත් ඉවත් කිරීමටත්, අදාළ වෙබ් අඩවිය ලංකාව තුළ අවහිර කිරීමටත් පියවර ගත් බවත් ඇය පැවසුවාය.
මෙම වයස් කාණ්ඩයේ දරුවන් සඳහා වන පෙළපොත්වලට අන්තර්ජාල සබැඳි ඇතුළත් නොකරන ලෙස උපදෙස් දී තිබියදීත්, අලුත් පාඩමක් ලෙස මෙය පොතට එක්වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවත් මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවත්, ඔවුන්ගේ වාර්තාව මේ වන විට ලැබී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ගුරුවරුන් 5,000ක් පමණ පුහුණු කිරීමේදී පවා මෙය හඳුනා නොගැනීම බරපතල ගැටලුවක් බවත්, මේ සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණ තුනක් ක්‍රියාත්මක වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
1 සිට 6 ශ්‍රේණි දක්වා වූ පෙළපොත් 106ක් නැවත පරීක්ෂාවට ලක් කරන අතර එහිදී හමුවූ අක්ෂර දෝෂ ඇතුළු අනෙකුත් අඩුපාඩු නිවැරදි කර ලබන මැයි මාසයේදී නව පොත් කට්ටල ලබාදීමට කටයුතු කරන බවද ඇය අවධාරණය කළාය.

Meka bageta thambapu news ekakne. Mey gana mahanahimivarun kivve monada kiyalath api danaganna kamathiy.
ReplyDeleteඅනේ පර ගෑනියේ, තෝ මොකටද වල් වෙබ් අඩවියක් පුංචි ලමයින්ගේ පාසල් පෙල පොතකට එබ්බෙව්වේ. තෝ අස්වෙයන්.
ReplyDeleteහරි ඒකට යන්ඩ එපා කියල තිබ්බද? (උදාහරණයක් හැටියට, නලාවක් ඇඳලා මැද්දෙන් ඉරක් ඇන්දොත්, ඒකේ තේරුම නලා ශබ්ද කිරීම තහනම්. සිගරැට් එකක් මැද්දෙන් ඉරක් ගැහුවම ඒ කියන්නේ දුම් බීම තහනම්. ඔය වෙබ් සයිට් එකේ මැද්දෙන් ඉරක් ගහලද තිබ්බෙ නැද්ද? නැත්නම්, ගියාට කමක් නෑ තමයි)
ReplyDeleteමුන්ට කෙලවෙනකොට තමයි බුද්ධාගමයි මහානාහිමියි මතක් වෙන්නේ. ගැලවීමට විතරයි බුද්ධාගම, නැත්තන් අර බ්‍රදර් චාල්ස් වගේ එවුන් හරහා සිංහල බෞද්ධයට කෙලින්නමයි හදන්නේ.මුන් තමයි බ්‍රදර් චාල්ස් කියන එකාගේ වැඩසටහන් පාසැල් වල තියන්න කියලා බල කරේ.
ReplyDeletePeople can you see what happen when you dont have children for these leaders they cant understand how children mind work. Children are always curios because its their nature. What a lousy excuse, this party is so messed up they cant even understand what's wrong or right.
ReplyDeleteVery true.
Deleteමේ යටත් විජිත වාදී වහල් මානසික බටහිර ලිබරල්වාදී බෞද්ද විරෝදී වහල් තුට්ටු දෙකේ උගත්තු .....යටත් විජිත්වාදී උගත්තු (ලනකාවට විතරක් උගත්තූ....)........මෙච්චර කාලයක් "අධිරාජ්ජවාදීන් අධිරාජ්ජවාදීන් " කියලා කෑගහලා අද උන්ගෙ කුනු ජරා සමාජ ක්‍රමවේද අපේ සමාජයට බලෙන් පටෝනවා.....තුහ්හ් ජෙප්පෝ ................................යටත් විජිත වාදී වහල් මානසික බටහිර ලිබරල්වාදී ජෙප්පෝ ......................
ReplyDeleteමම මොන්ටිසෝරියට අයිස්ක්‍රීම් භාජනයක් ගෙනත් තිබ්බා විතරයි. කන්න කියලා කිව්වෙ නෑ.
ReplyDeletekohomath eyala meka rahasin karna wadk ne, lami rahs raki eyala wage
ReplyDelete