එක්නැලිගොඩ නඩුවේ චූදිතයෙකුට උසස්වීමක්.. බිරිද කෝපයෙන් ජනපති අමතයි..

 


මාධ්‍ය­වේදි ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කිරීම සම්බ­න්ධ­යෙන් ගොනු කර ඇති නඩුවේ චූදි­ත­යකු වන යුද හමුදා බුද්ධි නිල­ධා­රි­ය­කුට උසස් වීමක් දීම පිළි­බඳ විරෝ­ධය පළ කර­මින් ප්‍රගීත් එක්නැ­ලි­ගො­ඩගේ බිරි­ය­ වන සන්ධ්‍යා එක්නැ­ලි­ගොඩ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක වෙත ලිපි­යක් යවා ඇත.

ලුති­නන් කර්නල් එරන්ත රදීෂ් පීරිස් නම් නිල­ධා­රියා මෙසේ කර්නල් තන­තු­රට උසස් කර ඇති බව එම ලිපියේ දැක්වේ. 2010.01.24 දා තම ස්වාමි­පු­රු­ෂයා අතු­රු­දන් වීම සම්බ­න්ධ­යෙන් පව­තින අප­රාධ නඩුවේ මොහු විත්ති­ක­රු­වකු බව ඇය එම ලිපියේ දීර්ඝව සඳ­හන් කර තිබේ.

සන්ධ්‍යා එක්නැ­ලි­ගො­ඩගේ ලිපි­යට අනුව නීති­ප­ති­ව­රයා විසින් 2019දී ඔහුට එරෙ­හිව අධි­චෝ­දනා 17ක් ගොනු කර ඇති අතර, ඊට මිනී­මැ­රුම් චෝද­නා­වක්ද ඇතු­ළත්ය. 

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් මීට අදාළ කරුණු රැසක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබෙන බවද එහි දැක්වේ. 

එක්නැ­ලි­ගොඩ නඩුවේ චුදි­ත­යකු වන විශ්‍රා­මික ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යකු විසින් නඩුවේ ප්‍රධාන සාක්ෂි­ක­රු­ව­කුට තර්ජ­නය කිරීම සම්බ­න්ධ­යෙන් පව­තින නඩු­වක් පිළි­බ­ඳ­වද ඒ ලිපියේ වැඩි­දු­ර­ටත් සඳ­හන්ය.

ශාලික විම­ල­සේන

Previous Post Next Post