ඇමති බංගලා වසර එකහමාරක් තිස්සේ වහලා.. ජරාවාස වෙයි..

 


ඇමැතිවරුන් සඳහා වෙන් කර ඇති නිල නිවාස 25කට ආසන්න සංඛ්‍යාවක් වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසා දමා ඇති බව වාර්තා වේ. 

මෙලෙස දීර්ඝ කාලයක් වසා දමා තිබීම හේතුවෙන් ඉන් බංගලා කිහිපයක් මේ වන විට කැලෑ වැදී ජරාවාස වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ජන බලවේගය මැතිවරණ සමයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව, ඔවුන්ගේ රජයේ ඇමැතිවරුන් සඳහා මෙම නිල නිවාස ලබා නොදීමට තීරණය කර ඇත. 

ඒ අනුව, භාවිතයෙන් බැහැරව පවතින මෙම බංගලා ආර්ථික වශයෙන් ඵලදායී ව්‍යාපෘති සඳහා යොදවා ගැනීමට රජය මේ වන විට සැලසුම් කරමින් සිටී.

මෙම ඇමැති බංගලා අතුරින් පහක් මෑතකදී අධිකරණ අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා දී ඇත.

අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා දුන් බංගලා විශේෂිත මහාධිකරණ පිහිටුවීම සඳහා යොදා ගැනීමට නියමිතය.

ඉතිරි බංගලා ද ආර්ථිකමය වශයෙන් ඵලදායී ව්‍යාපෘති සඳහා ලබාදීමට කටයුතු කරමින් පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.

මෙම බංගලා ලබා ගැනීම සඳහා මේ වන විටත් තානාපති කාර්යාල, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන විස්සකට අධික සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

1 Comments

  1. KISIMA PLAN EKAK NATHI ANDUWAK, DAN HADAPANKO ITA WADA WADI WIYADAMAK KARALA.

    ReplyDelete
Previous Post Next Post