මහින්ද යටතේ සේවය කල සියළු නිලධාන්ගේ වත්කම් සොයන්න කියයි...

 


2005 වසරේ සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය නිමාවන තෙක් ඔහු යටතේ සේවය කළ සියලුම නිලධාරීන් සතු දේපළ හා අයථා ලෙස උපයාගත් මුදල් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් විය. 

සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් විසින් මෙම පියවර ගෙන ඇත.

වත්මන් රජයේ පාර්ශවකරුවන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව මූල්‍ය වංචා චෝදනා එල්ල කළද, එදා ඔහු වටා සිටි නිලධාරී මණ්ඩලයේ වත්කම් පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව මෙම නියෝජිතයෝ මෙහිදී විවේචනාත්මකව පෙන්වා දුන්හ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, අදාළ නිලධාරීන් සතු අසීමිත ධනය පිළිබඳ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය සතු ලේඛන මගින් තහවුරු කරගත හැකි බවයි. එම දත්ත පදනම් කරගනිමින් විධිමත් විමර්ශනයක් පවත්වා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් ඉල්ලා සිටි බවද ඔහු පැවසීය.

සේවයට එක්වන අවස්ථාවේ කිසිදු වත්කමක් නොතිබූ ඇතැම් නිලධාරීන් පසුව මහා පරිමාණ ධනවතුන් බවට පත්ව ඇති බවට බරපතළ සැකයක් පවතින බවත්, මහජනතාව තුළ පවතින මෙම සැකය දුරු කිරීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

4 Comments

  1. ඒවා ඔක්කොම උගන්ඩාවේ

    ReplyDelete
  2. ඔන්න දැන් ඇදෙනවා මල්ල​...

    ReplyDelete
    Replies
    1. කැන්ටිමා තව කීයක් හරි හොයාගන්ඩ ක්‍රමයක් හොයන්නෙ.මෝඩ උත්තල චූන් වෙනව.

      Delete
  3. කොයි දේත් සීමාවක් කරගන්න..ලොකු අපරාධයක් කරගැනීමට ආණ්ඩුව යුහුසුළුව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබේ."වෛරයෙන් වෛරය නොසන්සිඳේ" සහෝදර වරුනි.

    ReplyDelete
Previous Post Next Post