නීතිපති ඉවත් කරන්නැයි ජනපතිට කියයි...

 


වත්මන් නීතිපති පාරින්ද රණසිංහ මහතා එම ධුරයෙන් වහාම ඉවත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිමින් සංවිධානය කරනු ලබන මහජන පෙත්සමක් අත්සන් කිරීමේ කටයුතු කොළඹදී ආරම්භ විය.

පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී මෙම පෙත්සමට අත්සන් ලබා ගැනීම ආරම්භ වූ අතර, ඊට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ ද (Online Petition) අත්සන් ලබා ගැනීම සිදු කෙරේ.

මෙම විරෝධතාවයේ නිරත පිරිස් පෙන්වා දෙන්නේ පසුගිය රජයන් සමයේ සිදුවූ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් වැරදිකරුවන්ට දඬුවම් ලබා දීමට නීතිපතිවරයා නිසි ලෙස කටයුතු නොකරන බවයි. 

ජනතා අභිලාෂයන් ඉටු කිරීමට සමත්, දූෂණයට එරෙහිව දැඩිව ක්‍රියා කළ හැකි පුද්ගලයෙකු එම ධුරයට පත් කරන ලෙස ඔවුහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.

මෙහිදී අදහස් දැක්වූ විරෝධතාකරුවන් අවධාරණය කළේ, මෙවැනි දූෂිත නිලධාරීන් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් වත්මන් රජය බලයට පත් කිරීමට කැප වූ බලවේග ක්‍රමයෙන් රජයෙන් ඈත් වනු ඇති බවයි.

 එමෙන්ම එවැනි තත්ත්වයක් තුළ, ජනතාව විසින් පරාජය කරන ලද දූෂිත බලවේගවලට නැවත හිස එසවීමට අවස්ථාව උදාවන බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

10 Comments

  1. නීතිපතිවරයා එවැනි තීන්දු තීරණ ගන්නේ නීතිය මනා ලෙස බලා යයි මටනම් සිතේ. හරි. නීතිපතිවරයා ඉවත් කර වෙනත් නීතිපති කෙනෙක් දැම්මා කියමු. ඒ නීතිපති උසාවියේ නඩුත් දැම්මා කියමුකො. නීතිමය ප්‍රශ්ණ මත ඒ නඩු අසාර්ථක වෙලා චූදිතයින් නිදහස් වුවහොත් එසේ ඔවුන් නිදහස් කල විනිසුරුවරුන් ඉවත් කර වෙනත් විනිසුරුවරුන් පත්කරන්න කියන්න පුළුවන්ද? මේක ඉවර වෙන්නේ කොතනින්ද?

    ReplyDelete
    Replies
    1. රනිල් පත් කරපු ස්කූල්මේට් ලා රනිල්ටම නඩු දායි කිය්ලා හිතනවාද..?අඹ යාලුවෝ

      Delete
  2. පාරින්ද කියන්නේ තාත්ත්ගේ පිහිටෙන් ආව එකෙක්... මුන් මේක බුදල් වගේ ලියාගෙන ඉන්නේ

    ReplyDelete
  3. නීතිපති අයින් කරන්න ජනාධිපතිට බලයක් නෑ. තියනවනම් මෙලහකටත් කරල. මුන් කරන්නේ මුන් අන්තරේ පාලනය කරනවා වගේ රට පාලනය කරන්න.

    ReplyDelete
  4. Kelaniye gajayek nadda?

    ReplyDelete
  5. We should not listen to Kalakanni Jeppo , they are trying to interfere to our legal system

    ReplyDelete
  6. මගෙ අම්මෝ, හැම අංශයක්ම මෙහෙමයි. අපේ රටට වෙලා තියනදේ !

    ReplyDelete
  7. Ela Ela. Jeppek Daanna yanne

    ReplyDelete
  8. කුඹුක්කණ්January 27, 2026 at 10:32 AM

    රනිල් නිදොස් කොට නිදහස් බව දන්නා නිසා , සමහර විට රනිල්ට නඩු දාන්න තරං වත් සාක්ෂියක් නැති බව දන්නා නිසා.
    කැත පච කොට ලපයට වෙන්න යන නව නිංගිරාව වහගන්න නීතිපති සම්බන්ධ කරගන්නවා මේකෙන්.
    දැන් රනිලා ට නඩු පවරන්න බෑ වගේ එකක් ආපු ගමන් කියන්න පුලුවන් , නීතිපති හිංදා බේරුණා මිස අපි බොරු කිව්වෙ නෑ කියලා.

    එහෙම හරි මේ අති අසාර්ථක පච ලපයව හෝදගන්න හිතන උන් දැනගන්න ඕනෙ , දැන් උන්ගෙ කෙප්ප විශ්වාස කරන්නෙ 3% විතරයි කියලා

    ReplyDelete
  9. This is called 3rd world country for a reason.

    ReplyDelete
Previous Post Next Post