තිදෙනෙකුට වෙඩි තබයි.. අයෙක් මරුට.. දෙදෙනෙක් රෝහලේ...


නවගමුව පොලිස් වසමේ කොරතොට, මැණිකාගාර පාර ප්‍රදේශයේ නිවසක් තුල සිටි පුද්ගලයින් තිදෙනෙකුට යතුරුපැදියකින් හා ත්‍රීරෝද පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තබා පලාගොස් ඇති බවට නවගමුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

වෙඩි වැදීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇත.

මරණකරු වයස අවුරුදු 20 ක් වූ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ අවියක් භාවිතා කර ඇති බවට පොලිසිය සැක කරනු ලබයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිසිය සහ නුගේගොඩ කොට්ඨාස අපරාධ විර්මශන කාර්‌යංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මරදන්කේණි පොලිස් වසමේ වත්තිරායන් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට මරදන්කේණි පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 38 ක් වූ වත්තිරායන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු තම පවුලේ සාමාජිකයින් සමඟ වත්තිරායන් ප්‍රදේශයේ කෝවිලක පූජාවක් සඳහා ගොස් සිටියදී එම ස්ථානයේ සිටි පුද්ගලයකු සමඟ ඇති වූ ආරවුලක් හේතුවෙන් එම පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය මරදන්කේණි රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. වයස අවුරුදු 28 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මරදන්කේණි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

2026.01.01 වන දින උදෑසන කාලයේ අගලවත්ත පොලිස් වසමේ දෙල්පාවත්තප්‍රදේශයේදී කාන්තාවකට පහරදී ඝාතනය කර ඇති බවට අඟලවත්ත පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.

මරණකාරිය වයස අවුරුදු 79 ක් වූ දෙල්පාවත්ත, මහගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මරණකාරිය සහ සැමියා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් දොර පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතීන් වෙත භාර දී ඇත. වයස අවුරුදු 84 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අඟලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Previous Post Next Post