2026.01.01 වන අද දින සවස් කාලයේ මාවනැල්ල පොලිස් වසමේ කෝන්දෙණිය ප්රදේශයේදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් සිදු කරන ලද පහරදීමක් හේතුවෙන් කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයා මිය ගොස් ඇති බවට මාවනැල්ල පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විර්මශන ආරම්භ කර ඇත.
මරණකරු හා මරණකාරියන් අවුරුදු 52,57 සහ 66 වයස්වල පසු වූ කෝන්දෙණිය, මාවනැල්ල ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
වයස අවුරුදු 35 ක් වන තුවාලකාරිය මාවනැල්ල රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබයි. ]
වයස අවුරුදු 33 ක් වන කෝන්දෙණිය ප්රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ඝාතන කෝන්දෙණිය ප්රදේශයේ නිවාස තුනකදී සිදු කර ඇති අතර සැකකරු මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීර මාවනැල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මාවනැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මානසික ආබාධයන් වැඩිවෙමින්
ReplyDelete