ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීම හේතුවෙන් රජයට පාඩුවක් සිදුව ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සම්බන්ධයෙන් දඩ මුදල් අයකිරීමේ ස්ථාපිත ක්‍රමවේදයක් පවතින බවත් එම ක්‍රියාවලිය දැනටමත් ක්‍රියාත්මක වන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
මෑතකදී ආනයනය කරන ලද ගල්අඟුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ගල්අඟුරු සමාගමෙන් අය කර ගන්නා වන්දි මුදලට වඩා වැඩි පාඩුවක් රජයට සිදුව ඇති බවත්, මේ හේතුවෙන් දිනකට ගිගාවොට් පැය 2.6ක විදුලි ප්‍රමාණයක් අහිමි වන බවටත් රණවක මහතා චෝදනා කර තිබුණි.
ගල්අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. සාමාන්‍යයෙන් සම්මත ප්‍රමිතිය කිලෝ කැලරි 6150කට වඩා වැඩි විය යුතු අතර, ගල්අඟුරු පටවන වරායේදී සිදුකරන පරීක්ෂණ වාර්තාව එම ප්‍රමිතියට වඩා අඩු නම් එම ගල්අඟුරු කිසිසේත්ම භාර නොගන්නා බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, ලංකාවට ගොඩබෑ පසු සිදුකරන පරීක්ෂණවලදී ප්‍රමිතිය අඩුවුවහොත් කිලෝ කැලරි 5900ට වඩා අඩු නම් දඩය දෙගුණයක් කිලෝ කැලරි 5900ත් 6150ත් අතර නම් එක් වතාවක දඩයක් කිලෝ කැලරි 6150ට වඩා වැඩි නම් එය ප්‍රමිතියට අනුකූල සේ සලකා භාර ගන්නා බවත් ඔහු පැවසීය.
මෑතකදී ආනයනය කළ ගල්අඟුරු පළමු තොගය (මෙට්‍රික් ටොන් 60,000)කිලෝ කැලරි ප්‍රමාණය 5520ක් වූ බැවින් දෙගුණයක දඩයක් අය කිරීමට පියවර ගෙන ඇති බවත් දෙවන තොගය කිලෝ කැලරි ප්‍රමාණය 6017ක් වූ අතර එය අදාළ පරාසය තුළ පවතින බැවින් භාරගෙන ඇති බවත් තෙවන සහ සිව්වන තොග සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇති අතර ඒවායේ වාර්තා මත පදනම්ව තීරණ ගනු ලබන බවත් ඒ මහතා සදහන් කලේය.
මෙය අලුත් තත්ත්වයක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මීට පෙර වසරවලදීද ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු වෙනුවෙන් විශාල වශයෙන් දඩ මුදල් අය කර ඇති බව පෙන්වා දුන්නේය.
යම් හෙයකින් අදාළ ගල්අඟුරු භාවිතයට නුසුදුසු මට්ටමේ පවතී නම් ඒවා ඉවත් කිරීමට පියවර ගන්නා බවත්, වත්මන් දඩ මුදල් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට යමෙකු තර්ක කරන්නේ නම් ඒ පිළිබඳව වෙනම සාකච්ඡා කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

එ විදියට කරපුවා කරන්න තමයි ඔගොල්ලුනව ගෙනවෙ
ReplyDeleteහරියට හරි, අපි තොපිව ගෙනාවේ උද්දච්ච කුක්කුච්ච වෙන්න නෙවේ... පරයෝ.... පෙර වැරදි නොකර රට හරි පාරට ගන්න...සක්කිලියා තොගේ කට ඇරෙන්වද ඔ්ක කියන්න....
Deleteniyamai.
ReplyDeleteතොපි අවේ ඔවා කියයලද මිනිඋස්සුන්ට
ReplyDeleteමිනිස්සුන්ගෙන් අහන්න ඕනේ දැන් සැපද කියල
මරු සිස්ටන් චේන්ජ් එක
ReplyDeleteඔය වගෙ දේවල් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුල වෙන්න පුලුවන්. ඒක කොමිස් ගැහැව්වා කියල කියන්න බෑ. සතොස ඒ කාලෙ තිරිඟු ඇට ආනයනය කරනකොට ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිළදීගැනීමේ ක්‍රමවේදයක් අනුගමනය කළා.ඒනිසා ගැටලුවක් වුනේ නෑ.
ReplyDeleteතිරිගු ඇට ආනයනය සදහාවූ ටෙන්ඩර් ක්‍රියා පට්පාටිය දේශීය හා විදේශීය රටවල පවා අගය කළා.
Deleteප්‍රසම්පාදන ක්‍රියාවලිය? හික්. හික්.. ඉස්සර ඕව දැනගෙන හිටියෙ නැත්ද? තිරිඟු ඇට ආනයනය වැනි ප්‍රශංසනීය ක්‍රියා මේ වගේ හාල්පාරු වැඩ එක්ක සසඳන්නෙ මොලේ පුන්නක්කු ද?
DeleteEvery time this government does a mistake the spokesman's answer is the previous governments have also done the same mistake. For od's sake please note that you ere elected to change such wrong doings, not to repeat the same mistakes again and again over and over.
ReplyDeleteNice heading by wimal's journalist .
ReplyDeleteWasherman's foolish comment
Delete