මොඩියුලයේ සෝදුපත් බැලූ අය ගැන පරීක්‍ෂණ කරනවා...- විජේපාල


හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක නමක් ඇතුළත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා ප්‍රකාශ කර සිටී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 

ඒ අනුව, අදාළ සිදුවීමට අදාළව පැමිණිලි ඉදිරිපත් කළ සියලු පාර්ශ්වයන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අමාත්‍යවරයා අවධාරණය කළේ දැනට විවිධ පාර්ශ්වයන් වෙත චෝදනා එල්ල වුවද, නිසි විමර්ශනයක් මගින් කරුණු තහවුරු වන තෙක් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. 

විශේෂයෙන්ම, මෙම මොඩියුලයේ සෝදුපත් බැලූ කණ්ඩායම ඇතුළු අදාළ අංශ කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කරන බව හෙතෙම පැවසීය.

මේ අතර, අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ මෙම වැරදි වෙබ් අඩවි නාමය ඇතුළත් කිරීම පිටුපස කිසියම් බාහිර බලපෑමක් හෝ කුමන්ත්‍රණයක් පවතින්නේද යන්න පිළිබඳව අමාත්‍යාංශයට සාධාරණ සැකයක් පවතින බවයි.

6 Comments

  1. ආනන්දන් විජේපාලන් ගේ හොර මුහුණ දිහා බලන්න 🤮 මූ හැමදාම කෙරුවේ මූ වගේම මුංගේ හොර හරක් නඩය කරන කරන වරද වහගන්න බොරු පරීක්ෂණ කරලා ප්‍රශ්න අමතක වෙන්න ඉඩ හරිනවා. නැත්නම් වැරදි තව කෙනෙක් පිට පවරලා ඇඟ බේරගන්නවා. අපේ බදු මුදලින් මේ හොර හරක් නඩය නඩත්තු කරමින් ඉවසුවා හොඳටම ඇති 🤮😡 මුන්ට ගම, රට අතෑරලා යන තැනට වැඩ කරමු. 😡

    ReplyDelete
  2. දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා.

    ReplyDelete
  3. මොන පරීක්ෂ‍ණේ තිබ්බත් අගමැතිවරිය මේ සිද්ධියෙන් නිදොස් හා නිදහස්. කවුරු හරි නිලධාරියෙක් හෝ නිලධාරි කණ්ඩායමක් තමයි අන්තිමට අහුවෙන්නෙ.
    npp දේශපාලකයො කවදාවත් වැරදි කරන්නෙ නෑ. ඒගොල්ලො හරි හොඳ කට්ටිය.
    Teachers training එකේදි මේ වැරැද්ද පෙන්නන්නෙ නැතුව ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් වැරැද්ද පෙන්වීමක් කියල උලපනේ සුමංගල හාමුදුරුවො අන්තිමට වැරදිකාරය වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  4. උඹලගෙ නරුම අගමැතිනි ngo සල්ලිවලට මේවා කරනවද කියලත් හොයල බලපං

    ReplyDelete
  5. මුන්ගේ හොර කුප්ප කුපාඩි වැඩක් අතට අහුවෙලා චාටර් වෙච්ච ගමන් ඇඟ බේරගන්න දුවන්නේ අපරාධ පරීක්ෂණ එකට. වැඩේ කරල තියෙන්නෙ තමන්මයි. ඒත් කියන්නේ මේක කුමන්ත්‍රණලු.

    ReplyDelete
  6. ආණ්ඩුවෙ එකෙකුට අධෝ වාතයක් ගියත් දුවන්නේ CID එකට

    ReplyDelete
Previous Post Next Post