වීථි ලාම්පුවල විදුලි ගාස්තුව ප‍්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට..

 


රජය විසින් හඳුන්වා දීමට නියමිත නව විදුලිබල ප්‍රතිපත්තිය හරහා ප්‍රාදේශීය මට්ටමේ පොදු වීථි ආලෝකකරණය සඳහා වැයවන පිරිවැය අදාළ ප්‍රදේශයේ ජනතාවගෙන් අයකර ගැනීමට සැලසුම් කර ඇති බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය පෙන්වා දෙයි. 

මේ හරහා ජනතාවගේ මාසික විදුලි බිලට අමතර බරක් එක්වන බවත් එක් එක් පාරිභෝගිකයාගේ විදුලි බිලෙන් උපරිමය 2.2% දක්වා වූ අගයක් මෙම වීථි ලාම්පු ගාස්තු ලෙස අය කිරීමට යෝජනා වී ඇති බව එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කරයි.

මෙතෙක් කල් පළාත් පාලන ආයතන සතු වූ වීථි ලාම්පු කළමනාකරණය කිරීමේ බලතල ඉවත් කර, එම වගකීම වෙනත් බාහිර ආයතනයක් වෙත පැවරීමට ද නව ප්‍රතිපත්තිය මඟින් පියවර ගෙන ඇත.

මෙමඟින් මින් ඉදිරියට වීථි ආලෝකකරණ නඩත්තුව සහ ඒ සඳහා වන මූල්‍ය දායකත්වය සෘජුවම මහජනතාව සතු වන බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.

"යම්කිසි ප්‍රදේශයක භාවිත කරන විදුලි බල්බ්වල වොට් ප්‍රමාණය ගණනය කරලා, ඒ ප්‍රදේශයේ වෙසෙන ජනතාව අතර බෙදලා විදුලි බිලට එකතු කරන්න හදනවා. ඒ එකතු කරන අගය තමුන්ගේ විදුලි බිලේ වටිනාකමින් 2.2% නොවැඩි අගයක් විය යුතුයි කියලත් කියලා තියෙනවා.

අපි දන්නවා ප්‍රාදේශීය සභාවකින්, නගරසභාවකින්, මහ නගර සභාවකින් තමා මේ පොදු වීථි ලාම්පු සහ පොදු ආලෝකකරණය ගැන නගරබද නඩත්තු කටයුතු කරන්නේ. දැන් මේ යෝජනාවේ තියෙනවා මේවා ප්‍රාදේශීය සභාවෙන්, නගරසභාවෙන් ගලවලා දාලා වෙනම ආයතනයක් හදන්න."

4 Comments

  1. This is good idea.
    Anyway all bills are paying by peoples

    Colombo people use more electricity but poor people pay the tax

    ReplyDelete
    Replies
    1. Man, this will be an added payment while we pay all other taxes as usual. Is this good idea? what the red shirt liar said before: to reduce the bill by 1/3?
      this stupid incapable government is now exploiting the consumer up to the last cent.

      Delete
  2. බලාගෙන යනකොට ලංකාවේ ධනවාදී පක්‍ෂ ආණ්‌ඩුකරනකොට මිනිස්සුන්ගේ ජීවන වියදම අඩුකරනවා. සමාජවාදී ආණ්‌ඩු මිනිස්සු සූරාගෙන කනවා. ජේ වී පී එක අනුකම්පා විරහිතව මිනිස්සුන්ට ආර්ථික වදයක් දෙනවා.

    ReplyDelete
  3. නගර/ප්‍රාදේශීය සභාවලට වරිපනම් බදු ගෙවන්නෙ වීදි ලාම්පුවලටත් එක්ක. CEB එක නගර/ප්‍රාදේශීය සභාවලින් අයකරගත යුතුයි, නැතිනමි වරිපනමි අඩුකර යුතුය

    ReplyDelete
Previous Post Next Post