රජය විසින් හඳුන්වා දීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යළිත් වරක් විධිමත් සමාලෝචනයකට ලක් කිරීමට බලධාරීන් තීරණය කර ඇත.
විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබුණු යෝජනා හා විවේචන සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාවලියේ ඇතැම් ප්‍රායෝගික නොවන කොටස් සංශෝධනය කිරීමට පියවර ගැනීමට නියමිතය.
දැනට මුද්‍රිත මොඩියුලවල අන්තර්ගත වෙබ් අඩවි සබැඳි සහ QR කේතයන්හි නිවැරදිභාවය යළි තහවුරු කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
පාසල් වේලාව පස්වරු 2.00 දක්වා දීර්ඝ කිරීමටත්, කාලපරිච්ඡේදයක කාලය විනාඩි 50ක් දක්වා වැඩිකිරීමටත් මීට පෙර තීරණය කර තිබුණි.
එහෙත් මහජන ඉල්ලීම් මත 2026 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් වේලාව පෙර පරිදිම පස්වරු 1.30 දක්වා සීමා කිරීමටත්, කාලපරිච්ඡේදයක් විනාඩි 45ක් ලෙස පවත්වා ගැනීමටත් දැන් තීරණය කර ඇත.
ජනවාරි 21 වැනිදා සිට මෙම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් විද්වතුන් සමඟ සාකච්ඡා පවත්වන බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, පාසල් වේලාව දීර්ඝ කිරීමට ගත් තීරණය හකුලා නොගත්තේ නම් හෙට (05) දිනයේ සිට දිවයින පුරා දැවැන්ත වැඩ වර්ජනයක් දියත් කිරීමට ගුරු-විදුහල්පති සංගම් සූදානමින් සිටි අතර රජය සිය තීරණය වෙනස් කිරීම හේතුවෙන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වළක්වා ගැනීමට හැකි වූ බවය.

සියලුම දෙමව්පියන් තමන්ගේ දරුවන් වෙනුවෙන් නැගී සිට්මේ කාලය පැමින ඇත. දරුවන් රැක ගන්න.
ReplyDelete